මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජගත් පරිසර දිනය වෙනුවෙන් වඩුමුල්ල නෙළුම ජලාශය ආශ්‍රිතව මී පැළ 80 ක් රෝපණය කිරීම හා පුවක් පැළ 250ක් ගම්වාසීන් වෙත ලබා දීමේ වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා ප්‍රධානත්වයෙන් 2025.06.05 දින ඉතා සාර්ථකව පැවැත්විය. මේ සඳහා මිනුවන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු green team නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන්,ආරක්ෂක අංශ නිලධාරීන් , ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය. ප්‍රදේශවාසීන් සියළුමදෙනාගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් මෙම වැඩසටහන සාර්ථකව නිමා විය. තවද එක් පුද්ගලයෙකුට පුවක් පැළ 05 බැගින් පුවක් පැළ 250 ක් ද ප්‍රදේශවාසීන්ගේ ගෙවතු වගා සඳහා බෙදා දෙන ලදී

         

 

      

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top