ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම යටතේ  දිස්ත්‍රික්කය පුරා පැවති සියනෑ නිකිණි සංස්කෘතික පුනරුදය වැඩසටහනට සමගාමීව, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංස්කෘතික වැඩසටහන ලෙස 2026 අගෝස්තු මස 28 දින සෙනෙහසේ ගී නම් ගර්භනී මව්වරු සඳහා රස වින්දන වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල කාර්‍ය මණ්ඩලයේ සහ දානපතීන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව ගර්භනී මව්වරු 100 උදෙසා දිවා ආහාරය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීමක් ද සිදු කරන ලදී.

සර්ව ආගමික වතාවක් සඳහා ද මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම වැඩසටහනට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහ සියනෑ නිකිණි වැඩසටහනේ සංකල්පධාරී, ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනුකමිටුවේ ක්‍රියාකාරී පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මැතිතුමන්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් මෙන්ම, මිනුවන්ගොඩ සංස්කෘතික බලමණ්ඩලයේ විධායක සභාපති වන තනුජා රාජකරුණා මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්ව‍යෙන් සිදුවිය.

මෙම වැඩසටහනේ ගීත රසවින්දන කාර්යය සඳහා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ලේකම්, ප්‍රවීන නාට්‍යවේදී කුලසිරි සිල්වා මහතා සහ මිනුවන්ගොඩ සංස්කෘතික බලමණ්ඩලයේ උප ලේකම් ප්‍රවීන ලේඛිකා වරුණි කෝකිලා මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයන ලදී.

මෙම වැඩසටහන සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලදී.

2  3  4

 

5  6         8    15.jpg10    11   1612   13    22   23    24

 

 

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල් සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රතිපාදන මත එක් නිවසකට රු.10,00000/- බැගින් ආධාර ලබාදී 2025 වර්ෂයේ ඉදිකළ නිවාස 03 ක් ජනතා අයිතියට පැවරීම හා 2026 වර්ෂයේ නිවාස 03 ක් ඉදි කිරීමට මුල්ගල් තැබීමේ අවස්ථාවන් 2026.07.15 දින සිට 2026.08.15 දක්වා ජාතික සවිබල මාසය තුල සිදු කරන ලදී.

එම අවස්ථාවට ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා, ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය, ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක මහතා ඇතුළු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් සහභාගී විය.

එමෙන්ම මෙම වැඩ සටහන අධීක්ෂණය කරන සමෘද්ධි මූලස්ථෘන කළමණාකරු ජේ.එච්.එම්. ජයපත්ම මහතා හා ව්‍යාපෘති කළමණාකරු බී.එම්.සී. බස්නායක මහත්මිය ද, අදාළ කලාප කළමණාකරුවන්, සමෘද්ධි සංවර්ධන නිලධාරින්, අදාළ ග්‍රාම නිලධාරීන්, ප්‍රජා සවිබල ගැන්වීම් නිළධාරීන් හා සමෘද්ධි සමාජ සංවර්ධන නිලධාරී රේණුකා දමයන්ති මහත්මියගේ සහභාගීත්වයෙන් මෙම වැඩසටහන සිදු කරන ලදී.

3   4   5

6   3   5   6

 

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික ව්‍යාපාරය යටතේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් සංකල්පයට අනුව ප්‍රජා සවිබල ගැන්වීමේ අරමුණින් දෙවන ජීවනෝපාය සංවර්ධන ව්‍යාපෘතිය ලෙස පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීමේ ව්‍යාපෘතිය 129 මාරපොල ග්‍රාම නිලධාරි වසමේ දීප්ති කාන්තා සමිතියේ සාමාජිකාවන් වෙත ලබාදීම 2026.08.12 වන දින ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා හා දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

මෙහිදි සාමාජිකාවන් 20 දෙනෙක් සඳහා පහන්තිර ඇඹරුම් යන්ත්‍ර 20 ක් හා කටර් මැෂින් 20 ක් ලබාදීම සිදුවූ අතර, සුසාජි පහන්තිර කර්මාන්ත ආයතනය මඟින් ඔවුන් වෙත එම උපකරණ පාවිච්චි කර පහන්තිර ඇඹරීම පිළිබඳ පුහුණුවක් ලබාදීම සිදු කරන ලදී.

මෙහි ආරම්භක අවස්ථාවට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සැලසුම් අධ්‍යක්ෂ ඇතුළු සංවර්ධන නිලධාරීන් සහභාගී වු අතර, ප්‍රජා සංවර්ධන සභාව නියෝජනය කරමින් ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරි, ග්‍රාම නිලධාරි ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගී විය.

1   2  3

4  5  

6    7

 

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී ගම් මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන 2026.08.20 වන දින පවත්වන ලදී.

මෙහිදි මානසික යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා කලා චිකිත්සාව තේමා කර ගත් උපදේශණ වැඩසටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශණ නිලධාරි නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මියගේ සම්පත් දායකත්වය මත සිදු විය.

මේ සඳහා කොට්ඨාශයේ සංස්කෘතික බල මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංවිධාන , කාන්තා බල මණ්ඩල මෙන්ම කාර්යාලීය නිලධාරීන් සහභාගී වූ අතර, එම නිලධාරින් විසින් ගීත ගායනය සිදු කරන ලදී.

මෙම වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බස්නාහිර පළාත් සංස්කෘතික නිලධාරි කුමුදු ජයසූරිය මහත්මිය විසින් සංවිධානය කරන ලදී.2     3   4

5  6   7   8  9

සුපිළිපන් සංස්කෘතියක් සහ ක්ලීන් ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ ජාතික මෙහෙයුමට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරින් සුපිළිපන් දිවුරුම/ ප්‍රතිඥා දීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2026.07.27 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කෙරිණි.

ශ්‍රී ලංකාවේ සමස්ත රාජ්‍ය සේවයේම ගුණාත්මකභාවය, කාර්යක්ෂමතාව හා පාරදෘශ්‍යභාවය ඉහළ නැංවීම මෙන්ම දූෂණයන්ගෙන් තොර ආදර්ශමත් පරිපාලන ව්‍යුහයක් ගොඩ නැගීම සඳහා සුපිළිපන් සංස්කෘතියක් - ක්ලීන් ශ්‍රී ලංකාවක් උදෙසා සුපිළිපන් සතිය ජූලි 27 දින සිට 31 දින දක්වා ක්‍රියාත්මක කෙරේ.

මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මිය, සියළුම මාණ්ඩලික නිලධාරින් ඇතුළු සියළු කාර්යාලීය නිලධාරින්  සහභාගී විය.

 

1   2   

3   4    

5  6   7

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top