මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 117 වෑලිය ග්‍රාම නිලධාරී වසම මූලික කර ගනිමින් 2025 වසරේ අනුමත වී 2026 වසරේ ක්‍රියාත්මක කරන ලද අත් යන්ත්‍ර පේෂ කර්මාන්ත ව්‍යාපෘතියෙහි ප්‍රතිලාභීන් පුහුණු කිරීමේ වැඩසටහන 2026.2.11වන දින වෑලිය ජාතික ශිල්ප සභා ගොඩනැගිල්ලේදී ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ හා ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ,ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී. සහකාර අධ්‍යක්ෂ ආශා සිරිවර්ධන මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරීන් ,දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් මන්ත්‍රීතුමන්ලා, ප්‍රදේශ වාසීන් හා පුහුණුවට සම්බන්ධ වන කාන්තාවන් මේ අවස්ථාවට සහභාගී වන ලදී. මෙම අත් යන්ත්‍ර සළුපිළි "මිනු සළු " නමින් ඉදිරියේදී වෙළඳපොළ වෙත යොමු කිරීමට අපේක්ෂා කරයි.
මෙයට සමගාමීව 112/ 112/2, 112/3,112/4 යන නිල්පනාගොඩ ග්‍රාම නිලධාරී වසම් 4 මූලික කර ගනිමින් මෙම පේෂ කර්ම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.

78 වන නිදහස් දිනයට සමගාමීව 2026 02 04 දින මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නගර සභාව පොලීසිය හා අනෙකුත් සියළුම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කල නිදහස් දින උත්සව සැමරුම මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩා පිටියේදී එය ඉතා උත්කර්ෂවත් අන්දමින් අද දින පැවැත්විය. මේ සඳහා සර්වාගමික පූජකවරුන් සහභාගී වු අතර, මිනුවන්ගොඩ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය ඇතුලු සියලු රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් ඉතා ගාමිහීරව සහ අභිමානවත් අන්දමින් පවත්වන ලදී. මෙම උත්සවය නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමේ සංදර්ශණයකින් හා ප්‍රදේශයේ කලායතන වලින් ඉදිරිපත් වූ සංස්කෘතික අංග වලින් අලංකාරවත් විය.
ඊට සමගාමීව ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැඩෑමුල්ල දකුණ ග්‍රාම නිලධාරි වසමේ මිනුවන්ගොඩ ප්‍රජා පොලිස් ඒකකය සහ පරිසර ඒකකය මගින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.
එසේම සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවු ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වාසය කරන මිනුවන්ගොඩ සමෘද්ධිගම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින උත්සවයක් පැවැත්වූ අතර, එහිදි රුක්රෝපණ වැඩ සටහනක් , ශ්‍රමදාන වැඩ සටහනක් මෙන්ම නිදහස් දිනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සමෘද්ධිගම ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධානය කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team නිලධාරින් , වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රජාව ද සම්බන්ධ විය.
එසේම සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ සමෘද්ධිගම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින උත්සවයක් පැවැත්වූ අතර, එහිදි රුක්රෝපණ වැඩ සටහනක් , ශ්‍රමදාන වැඩ සටහනක් මෙන්ම නිදහස් දිනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සමෘද්ධිගම ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධානය කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team නිලධාරින් , වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රජාව ද සම්බන්ධ විය.


2026 වර්ෂයට සෙත් පැතීම හා පසුගිය වර්ෂයේ ඇති වූ දිට්වා සුලි කුණාටුව හේතුවෙන් මිය ගිය අය සඳහා පිං පැමිණ වීම මූලික කරගෙන මිනුවන්ගොඩ වැඩිහිටි බල මණ්ඩලය හා සමාජ සේවා අංශය එක්ව 2026.01.02 දින සෙත් පිරිත හා සාංඝික දානය පැවැත් වූ අතර, ගැබිනි මව්වරුන් 08 දෙනෙකු සඳහා දිවා ආහාරය හා අවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම ද ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී සිදු විය.
මෙම පිංකම් මාලාව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියගේ මග පෙන්වීම යටතේ සිදු වූ අතර මාණ්ඩලික නිලධරින් , කාර්යාල නිලධාරීන් හා වැඩිහිටි සමිති වල සාමාජික සාමාජිකාවන් 250 කට අධික පිරිසක් සහභාගී විය.
මෙම වැඩ සටහනේ සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩිහිටි ප්‍රවර්ධන නිලධාරි චතුරිකා ගුණතිලක මහත්මිය විසින් සිදු කරන ලදී.

2026 ජනවාරි මස Green Team වැඩසටහන ලෙස හොරම්පැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේ තෝරා ගත් පවුල් 50 ක් සඳහා ගෙවතු වගා බීජ පැකට් ලබා දීම හා ඒවා රෝපණය කිරීම පිළිබඳ පුහුණු වැඩසටහන 2026.01.20 දින හොරම්පැල්ල දකුණ ග්‍රාම නිලධාරී වසමේදී ගරු ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ඉතා සාර්ථකව පවත්වන ලදී.
මෙම වැඩසටහන සඳහා මාබොදල කෘෂිකර්ම උපදේශක නිලධාරී, මාබොදල ගොවිජන සේවා මධ්‍යස්ථානයේ නිලධාරීන්, කෘෂිකර්ම සංවර්ධන නිලධාරී, ඵලදායිතා සංවර්ධන නිලධාරි, Green Team සාමාජික නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් සහභාගී විය. මෙහිදී මාබොදල කෘෂිකර්ම උපදේශක නිලධාරී චමීර සෙනෙවිරත්න මහතා විසින් එක් එක් බීජ රෝපණය කරන ආකාරය, ඒවාට අවශ්‍ය පරිසර සාධක, සතුන්ගෙන් බෝග වලට වන හානි අවම කර ගන්නා ආකාරය යනාදිය පිළිබඳ ප්‍රදේශවාසීන් දැනුවත් කරන ලදී

2026 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පළමු දින සිදු කරනු ලැබීය.
එහිදි ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් පසු කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරනු ලැබූ අතර, එදින පළතුරු පැළ රෝපනය කරන ලදී.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජයෝජක පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේ විසින් කාර්ය මණ්ඩලයටත්, රට වැසියන්ටත් සෙත් පතා පිරිත් සජ්ඣායනා සිදු කළ අතර, බුරුල්ලපිටිය මීසම් පාලක සුමිත් කුමාර පියතුමන් විසින් සැමට ආශිර්වාද කළ අතර, මුස්ලිම් ආගමානුකූලව නසුර් දීන් මෞලවිතුමන් විසින් ද ආශිර්වාද සිදු කරන ලදී.
අනතුරුව නව වසරට සුභාෂිංසන එක් කළ ප්‍රාදේශීය ලේකම් තුමිය පසුගිය වසරේ සිදු කරනු ලැබූ ව්‍යාපෘති හා වැඩ සටහන් සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තුති කල අතර, මේ වසරේදීත් එලෙසම කණ්ඩායම් හැඟිමෙන් කටයුතු කරමු යයි ප්‍රකාශ කරනු ලැබීය. පසුව සියලු දෙනා විසින් රජයේ ප්‍රතිඥාව ලබාදුන් අතර, රාජ්‍ය සේවයට මනා කැපවීමෙන් කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.
මෙම අවස්ථාවට කාර්යාලයේ සියලුම නිලධාරීන් සහභාගී විය.
















