මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරින් ප්‍රධාන කොට ගත් සියලුම  කාර්යාල ගත සහ ක්ෂේත්‍ර ගත නිලධාරීන් එක්ව වසරක් පාසා ශ්‍රී පාද වාරය ආරම්භයේදී  උඩමළුව සඳහා ලබාදෙන දානමය පුණ්‍ය කර්ම කටයුත්ත මෙවර ද  දෙසැම්බර් 16 සහ 17 යන දෙදින තුළ තෙවන වරටත් ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන ලදී .මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මිය ඇතුළු මාණ්ඩලික නිලධාරින් ප්‍රධාන කොට ගත් සියලුම  කාර්යාල ගත සහ ක්ෂේත්‍ර ගත නිලධාරීන් එක්ව වසරක් පාසා ශ්‍රී පාද වාරය ආරම්භයේදී  උඩමළුව සඳහා ලබාදෙන දානමය පුණ්‍ය කර්ම කටයුත්ත මෙවර ද  දෙසැම්බර් 16 සහ 17 යන දෙදින තුළ තෙවන වරටත් ඉතා සාර්ථක අන්දමින් ක්‍රියාත්මක කරන ලදී .මේ සඳහා මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම්තුමිය,  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්යාල ගත සහ ක්ෂේත්‍ර ගත නිලධාරීන් විශාල පිරිසක් සහ ඔවුන්ගේ   පවුල්වල  සාමාජික සාමාජිකාවන්ද මෙම පුණ්‍ය කර්මය සඳහා සහභාගීත්වය සහ දායකත්වය ලබා දුන් අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ සංකල්පයකට අනුව වාර්ෂිකව සංවිධානය වන මෙම පුණ්‍ය කර්ම කටයුත්ත එතුමියගේ පූර්ණ අධීක්ෂණය සහ මග පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය.

001  002  003 004

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟින් සංවිධානය කරන ලද දීපාවලී උත්සවය 2025.11.07 දින  ඉතා සාර්ථක අන්දමින් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන්නට යෙදුණි.  මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අනුර විජේසිරි මැතිතුමා සහභාගී වූ අතර,  මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ. රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණය සහ මඟ පෙන්වීම යටතේ  මෙම වැඩසටහන ඉතා සාර්ථකව පවත්වන ලදී .

ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියඵම මාණ්ඩලික නිලධාරින්,  බටපොත සහජීවන සංගමයේ නිලධාරින් හා කාර්යාලයේ සියළුම අංශ නියෝජනය කරමින් නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී විය.

හින්දු ආගමික චාරිත්‍ර වාරිත්‍ර බටපොත සහජීවන සංගමයේ  එස්. ලතාශ්වරි  මහත්මිය, විසින් ඉටුකරන ලදී.  කාර්යාලීය සියළුම අංශ නියෝජනය කරමින් නිලධාරීන් විසින් විචිත්‍රවත් සංස්කෘතික අංග රාශියක් ඉදිරිපත් කරන ලදී.

අන්‍ය ජාතීන් සහ ආගම් ගැන සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින්  ක්‍රියාත්මක වූ  වැඩසටහන සඳහා  අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ලබාදුන් ප්‍රතිපාදන මත, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි බී. ඒ.චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

 

මෙවර ළමා පොකුර  වැඩසටහන කොට්ඨාශයේ  අධි අවදානම් දරුවන් 82 දෙනෙක් හා ඔවුන්ගේ දෙමව්පියන් සම්බන්ධ කර ගනිමින් 2025.10.25 වන දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී  පවත්වනු ලැබීය. මෙම වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ උපදෙස් හා අනුශාසකත්වයෙන් කාර්‍යාලයීය  කාන්තා හා ළමා ඒකකය මගින් සංවිධානය කරන ලදි.

මෙදින දෙමව්පියන් සදහා හරවත් උපදේශනාත්මක වැඩසටහනක් මනෝ උපදේශන නිලධාරීනි නදීශානි ජයවීර මහත්මිය විසින් සිදු කරන ලදී. මනෝ උපදේශන පුහුණුලාභීන් විසින් දරුවන් සමඟ උපදේශනාත්මක අංග , සෞන්දර්යාත්මක හා විනෝදාත්මක අංගවල නිරත විය. වැඩසටහන අවසානයේදී දරුවන් සඳහා ත්‍යාග පාර්සල් හා සහතිකපත් බෙදා දෙන ලදී. මේ සඳහා ආරාධිත අමුත්තන් ලෙස මිනුවන්ගොඩ මහජන බැංකුවේ කළමනාකාරතුමා, ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර ප්‍රාදේශිය ලේකම්තුමිය, පරිපාලන නිලධාරීතුමිය, පරිපාලන ග්‍රාම නිලධාරීතුමිය, සැලසුම් අධ්‍යක්ෂක දෙපළ, මිනුවන්ගොඩ පෙරපාසල් ගුරු සංගමයේ සභාපති තුමි‍ය සහභාගි විය.

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත  2025.10.27 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය සාහිත්‍ය උළෙල මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මෙම සාහිත්‍ය උළෙ‍ලේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ඉෂාර වික්‍රමසිංහ මහතා පැරණි කෝලම් නාට්‍ය හා නාඩගම් නව නූර්ති කලාව පිළිබඳව දේශනයක් පැවැත්වූ අතර,  අනූෂ  සංජීව මහතා, නගර සභාවේ සහාපතිතුමන් වන අසේල වික්‍රමාරච්චි මහතා ඇතුළු සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරින් ද ප්‍රදේශයේ පාසැල් නියෝජනය කරමින් විදුහල්පතිවරුන් හා ගුරු මහත්ම මහත්මීන්ද ආරාධිත අමුත්තන් ලෙස සහභාගී විය.

සාහිත්‍ය තරඟාවලියේ ජයග්‍රාහකයින් 38 දෙනෙකු සඳහා ත්‍යාග හා සහතික පත් ප්‍රදානය කෙරුණ අතර, කලායතන දරුවන්ගේ නර්තනාංග තුලින් එදින උත්සවය වර්ණවත් විය. සිසු සිසුවියන් 100 කට ආසන්න පිරිසක් මේ සඳහා සහභාගී විය.

තවද මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය,ගණකාධිකාරි තුමිය, පරිපාලන නිලධාරි තුමිය හා පරිපාලන ග්‍රාම නිලධාරි තුමිය ද සහභාගී වු අතර, මෙම උත්සවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික නිලධාරින් විසින් සංවිධානය කරන ලදී.

මිනුවන්ගොඩ කොට්ඨාශයේ කුඹල් කර්මාන්තයේ නිරත ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීම හා වර්තමානයට ගැලපෙන පරිදි ක්ෂේත්‍රයේ ඉදිරි කටයුතු සිදු කල යුතු ආකාරය පිළිබඳව කුඹල් කර්මාන්ත කරුවන්ගේ රැස්වීමක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ගරු තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත 2025.10.17 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස අජිත් පෙරේරා මහතා හෙවත්  මහ කුඹලාසම්බන්ධ විය. ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා හා ප්‍රාදේශීය දේශපාලන අධිකාරියත් ප්‍රදේශයේ  ආයතන රැසක නිලධාරින් ද මේ  අවස්ථාවට සහභාගී විය.

අජිත් පෙරේරා මහතා විසින් පුරාතන මැටි කර්මාන්තයේ සිට නූතනය දක්වා මැටි කර්මාන්තයේ වෙනස්කම් දක්වමින් දීර්ඝ දේශණයක් සිදු කළ අතර, කුඹල් කරුවන් එක්වී තම නිෂ්පාදන සඳහා මිළ ගණන් තීරණය කිරිමටත්, නිෂ්පාදනය කල යුත්තේ කුමක් ද යන්න තීරණය කිරීමටත්   සංගමයක් පිහිටුවීම කෙරෙහි අවධානය යොමු කරවන ලදී. එමෙන්ම සංවිධානාත්මකව සිදු කරන කුඹල් කර්මාන්තය තුලින් කුඹල් කරුවන්ගේ ජීවන තත්වය උසස් කල හැකි ආකාරය පැහැදිලි කරන ලදී.   

             

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top