මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මූලිකත්වයෙන් ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මණ්ඩලය හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය එක්ව සංවිධානය කරනු ලැබු වැඩිහිටි භක්ති ගීත තරගාවලිය 2025 .06.17 දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේදී අති උත්කර්ෂවත් අන්දමින් පවත්වන්නට යෙදුණි.
එහිදී භක්ති ගීත කණ්ඩායම් 16ක් තරගය සඳහා ඉදිරිපත් වූ අතර, පළමු ස්ථානය හෙන්ඩිමහර සමාධි ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, දෙවන ස්ථානය නැදගමුව ශක්ති ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත්, තෙවන ස්ථානය පහළ උඩුගම්වල සරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි කමිටුවත් ලබා ගන්නා ලදී.


මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජගත් පරිසර දිනය වෙනුවෙන් වඩුමුල්ල නෙළුම ජලාශය ආශ්‍රිතව මී පැළ 80 ක් රෝපණය කිරීම හා පුවක් පැළ 250ක් ගම්වාසීන් වෙත ලබා දීමේ වැඩසටහන මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා ප්‍රධානත්වයෙන් 2025.06.05 දින ඉතා සාර්ථකව පැවැත්විය. මේ සඳහා මිනුවන්ගොඩ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු green team නිලධාරීන්, ක්ෂේත්‍ර නිලධාරීන්, ගොවිජන සේවා මධ්‍යස්ථාන නිලධාරීන්,ආරක්ෂක අංශ නිලධාරීන් , ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගී විය. ප්‍රදේශවාසීන් සියළුමදෙනාගේ සහභාගීත්වයෙන් හා සහයෝගයෙන් මෙම වැඩසටහන සාර්ථකව නිමා විය. තවද එක් පුද්ගලයෙකුට පුවක් පැළ 05 බැගින් පුවක් පැළ 250 ක් ද ප්‍රදේශවාසීන්ගේ ගෙවතු වගා සඳහා බෙදා දෙන ලදී

දිස්ත්‍රික් ලේකම්තුමාගේ හා දිස්ත්‍රික් සංස්කෘතික බල මණ්ඩලයේ සංකල්පයක් මත අප දිස්ත්‍රික්කය තුල පවත්වාගෙන යන සංස්කෘතික බල මණ්ඩල යාවත්කාලීන කිරීම සඳහා 2025.05.30 වන දින ප.ව. 2.00 ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.
ඒ සඳහා කලාකරුවන් 65 දෙනෙකු පමණ සහභාගී වු අතර, දිස්ත්‍රික් බල මණ්ඩලයේ ගරු සභාපති විශාරද ෂර මහතා ද තවත් කලාකරුවන් පිරිසක් හා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගණකාධිකාරි තුමිය ද මේ සඳහා සහභාගී විය. එහිදි සචී කාලායතනය විසින් විශේෂාංගයක් හා ෂර්ලි වෛජයන්ත මහතාගේ ගීතයෙන් සභාව වර්ණවත් විය. හිටිවන කවි ජවනිකාවකින් ද මෙම වැඩ සටහන වර්ණවත් විය.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය සංස්කෘතික නිලධාරින් වන සංජය ප්‍රියදර්ශණ මහතා, කුමුදු ජයසූරිය මිය හා සංජීවනී මාගම්මන මිය මෙම වැඩ සටහන සංවිධානය කරන ලදී.


මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසල් දෙකක් වන අල් අමාන් මුස්ලිම් මහ විද්‍යාලයේ දරුවන් සහ පොල්වත්ත ශ්‍රී රතනසාර විද්‍යාලයේ දරුවන් සඳහා බහු වාර්ගික බහු ආගමික හා ජන කණ්ඩායම් අතර සාමය සහජීවනය හා සංහිඳියාව වැඩිදියුණු කරවීමේ අරමුණින් සමාජ සහයෝගීතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2025.06.02 දින පැවැත්වූ අතර එහිදී දරුවන් 160දෙනකු පමණ වැඩසටහනට සහභාගි විය.
වැඩසටහන මෙහෙයවීම සඳහා මිනුවන්ගොඩ ප්‍රධාන වෛද්‍යතුමිය , මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝඋපදේශන නිලධාරි නිමාලි ප්‍රියංගනී මහත්මිය අතුළු කණ්ඩායමක් මූලිකත්වය ගෙන ක්‍රියා කළ අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානය සහ මෙහෙයවීම මත සිදු කරන ලදි.
පාසල් ළමුන් සියළු දෙනාගේ ප්‍රශංසාව ලද වැඩසටහනක් වූ මෙය ක්‍රියාකාරකම් රැසකින් සමන්විත විය.
අවසන් අදියර ලෙස ළමා මනසේ ජාතියේ එකමුතුකම පිළිබඳව ළමා මනසේ ඇඳෙන සිතුවිලි චිත්‍රයකින් එළි දැක්වීම සිදු කරන ලදී.
එම වැඩසටහන සඳහා සහයෝගය ලබාදීමට මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරීන් පැමිණ සිටියහ.

2025.06.05 දින ට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් 126/03, අඹගහවත්ත කොට්ඨාසේ රුක්රෝපන වැඩසටහන 2025.06.02 දින අඹගහවත්ත පාලම අසල ඔය රක්ෂිතයේ සිදු කළ අතර, ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන ග්‍රාම නිලධාරී තුමිය සහ කොට්ඨාසයේ සියලුම රජයේ නිලධාරීන් සහභාගී වී අවශ්‍ය මගපෙන්වීමේ සිදු කළ අතර අභිනවයෙන් පත්වූ මහජන ආරක්ෂක කමිටු නිලධාරීන්, යෞවන සමාජ නිලධාරීන්, කාන්තා සමිති නිලධාරීන්, ක්‍රීඩා සමිති නිලධාරීන්, නව රජයේ දේශපාලන නියෝජිතයන්, වැඩිහිටි සමිති නිලධාරීන් ඇතුළු ගම්වාසීන්ගේ නොමසුරු ශ්‍රම දායකත්වය යටතේ අති සාර්ථකව පැවැත් විය. දායකත්වය දැක්වූ සියළුම දෙනාට ස්තූතියි.















