2025 ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය හා උපදේශන දිනයට සමගාමීව සැමරුම් දින උත්සවයක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත 2025.10.07 වෙන දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.

සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය, ගණකාධිකාරි ඒ.ටී. ඉරේෂා මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ටී.ඒ.එම්.ද එස් සිරිවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට ද සහභාගී විය.

මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනූජ ප්‍රනාන්දු මහතාද මෙහිදි ප්‍රධාන දේශණය සිදු කළ අතර, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ උපදේශන කටයුතු සිදුකරන ගුරුමහත්මීන් සහ පාසල් දරුවන් ද සමාජ සේවා අංශය නියෝජනය කරමින් බෝටියාවත්ත සිත්සහන පදනමේ දූ දරුවන් ද මෙම වැඩසටහනට සහභාගී විය.

ආරාධිත අමුත්තන් රැසක් මේ සදහා සහභාගි වූ අතර, මෙම උත්සවය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සංවිධානය කරන ලදි.

 

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top