මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද 'ආකල්ප සංවර්ධනය සඳහා ගී රසවින්දන' වැඩසටහනක් 2026.03.10 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මේ සදහා සම්පත් දායකත්වය මනෝවිද්‍යා උපදේශන නිලධාරී නිමාලි පෙරේරා මහත්මිය සමඟ ගායන ශිල්පිනි ස්වර්ණා ජයකොඩි මහත්මිය විසින් ලබා දෙන ලදී.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මිනුවන්ගොඩ කාන්තා කාර්ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 180 ක් සහ කාර්යාලයේ නිලධාරීන් ද ඇතුළුව 200කට අධික පිරිසක් සහභාගි විය.
මෙම වැඩ සටහනේ සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා අංශය සමඟ මිනුවන්ගොඩ කාන්තා බල මණ්ඩලය විසින් සිදු කරන ලදී.















