මානසික සෞඛ්‍ය හා උපදේශණ දින සැමරුම් උත්සවය 2024.10.11 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“වැඩබිමේදී මානසික සෞඛ්‍ය සුරක්ෂිතාවය පිළිබඳව ප්‍රමුඛතාවය දී සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුජ ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වය හා සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතාගේ දැනුවත් කිරිමේ දේශණයක් ද පැවැත්විය.
උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්යෙන් මානසික සැහැල්ලුකරණය වෙනුවෙන් සංවර්ධන වැඩ සටහන මෙහෙයවන ලදී.
උපදේශන වෘත්තිකයන්, කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය, ආර්ථික සංවර්ධන නිලධාරින් මෙම උත්සවය සඳහා සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මිය විසින් වැඩ සටහන සංවිධානය කරන ලදී.



















