ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම යටතේ දිස්ත්‍රික්කය පුරා පැවති සියනෑ නිකිණි සංස්කෘතික පුනරුදය වැඩසටහනට සමගාමීව, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සංස්කෘතික වැඩසටහන ලෙස 2026 අගෝස්තු මස 28 දින සෙනෙහසේ ගී නම් ගර්භනී මව්වරු සඳහා රස වින්දන වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය මහලේකම් කාර්යාල කාර්‍ය මණ්ඩලයේ සහ දානපතීන් කිහිප දෙනෙකුගේ දායකත්වයෙන් යුතුව ගර්භනී මව්වරු 100 උදෙසා දිවා ආහාරය සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය පිරිනැමීමක් ද සිදු කරන ලදී.
සර්ව ආගමික වතාවක් සඳහා ද මුල් තැන දෙමින් ආරම්භ වූ මෙම වැඩසටහනට මිනුවන්ගොඩ ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහ සියනෑ නිකිණි වැඩසටහනේ සංකල්පධාරී, ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනුකමිටුවේ ක්‍රියාකාරී පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මැතිතුමන්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් මෙන්ම, මිනුවන්ගොඩ සංස්කෘතික බලමණ්ඩලයේ විධායක සභාපති වන තනුජා රාජකරුණා මැතිණිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.
මෙම වැඩසටහනේ ගීත රසවින්දන කාර්යය සඳහා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු ලේකම්, ප්‍රවීන නාට්‍යවේදී කුලසිරි සිල්වා මහතා සහ මිනුවන්ගොඩ සංස්කෘතික බලමණ්ඩලයේ උප ලේකම් ප්‍රවීන ලේඛිකා වරුණි කෝකිලා මහත්මිය විසින් සම්පත් දායකත්වය සපයන ලදී.
මෙම වැඩසටහන සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය විසින් සිදු කරන ලදී.


















