dengue preventing3මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2019 අගෝස්තු මස 14 වන දින ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති ගරු අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර මැතිතුමා හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සම සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන් රණතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම රැස්වීමට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

 

News & Events

Scroll To Top