මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ.රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම විසින් 2025. 07. 30 වන දින සිදු කරන ලදී.
ඉතා සාර්ථක අන්දමින් පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා එම පාසලේ නියෝජ්‍ය විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය එම පාසලේ දූ දරුවන්, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය Green Team කණ්ඩායම් සාමාජික සාමාජිකාවන් සහභාගී වූ අතර, පාරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ වැඩසටහන සදහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් පැල සහ පොහොර ලබා ගැනීම සඳහා ප්‍රතිපාදන ලැබුන අතර ,මෙය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදි.





















