Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

2026 නව වසරේ රාජකාරි කටයුතු ආරම්භ කිරීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි පළමු දින සිදු කරනු ලැබීය.

එහිදි ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් ජාතික ධජය එසවීමෙන් පසු කිරි ඉතිරවීමේ චාරිත්‍රය සිදු කරනු ලැබූ අතර, එදින පළතුරු පැළ රෝපනය කරන ලදී.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සමාජයෝජක පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේ විසින් කාර්ය මණ්ඩලයටත්, රට වැසියන්ටත් සෙත් පතා  පිරිත් සජ්ඣායනා සිදු කළ අතර, බුරුල්ලපිටිය මීසම් පාලක සුමිත් කුමාර පියතුමන් විසින් සැමට ආශිර්වාද කළ අතර, මුස්ලිම්  ආගමානුකූලව නසුර් දීන් මෞලවිතුමන් විසින් ද ආශිර්වාද සිදු කරන ලදී.

අනතුරුව නව වසරට සුභාෂිංසන එක් කළ ප්‍රාදේශීය ලේකම් තුමිය පසුගිය වසරේ සිදු කරනු ලැබූ ව්‍යාපෘති හා වැඩ සටහන් සාර්ථක කර ගැනීමට දැක්වූ සහයෝගය සම්බන්ධයෙන් සියලු දෙනාට ස්තුති කල අතර, මේ වසරේදීත් එලෙසම කණ්ඩායම් හැඟිමෙන් කටයුතු කරමු යයි ප්‍රකාශ කරනු ලැබීය. පසුව සියලු දෙනා විසින් රජයේ ප්‍රතිඥාව ලබාදුන් අතර, රාජ්‍ය සේවයට මනා කැපවීමෙන් කටයුතු කරන බවට ප්‍රකාශ කරන ලදී.

මෙම අවස්ථාවට කාර්යාලයේ සියලුම නිලධාරීන් සහභාගී විය.

 

   WhatsApp Image 2026 01 01 at 12.54.53   WhatsApp Image 2026 01 01 at 12.54.37  WhatsApp Image 2026 01 01 at 13.28.47 1        WhatsApp Image 2026 01 01 at 17.22.22 1

WhatsApp Image 2026 01 02 at 09.09.41 1   WhatsApp Image 2026 01 02 at 09.09.36       WhatsApp Image 2026 01 01 at 17.22.23 1

 

Scroll To Top