Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

දීපව්‍යාප්තව ක්‍රියාත්මක  "Clean Sri Lanka " ජාතික වැඩසටහනට සමගාමීව කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශය යටතේ ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන "දැය නංවන සපිරි ගමක්” ප්‍රජා ඵලදායිතා ආදර්ශ ගම්මාන වැඩසටහනට අදාළව මිනුවන්ගොඩ

ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 105 හොරම්පැල්ල දකුණ වසම මූලික කොට ගනිමින් එහි සමාරම්භක උළෙල යකහටුව ශ්‍රී විවේකාරාම  විහාරස්ථානයේදී 2026.03.16 වෙනි දින පවත්වන ලදී.

Clean Sri Lanka ජාතික වැඩසටහන, කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යංශය, ජාතික ඵලදායිතා ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන ආයතන ඒකාබද්ධව ජාතික ව්‍යාපෘතියක් වශයෙන් දිවයින පුරා ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ඵලදායිතා සංකල්පය ගමට, නිවසටම ගෙන ඒමයි. ප්‍රජාවගේ

  • •අධ්‍යාපනය
  • •ආර්ථිකය
  • •සෞඛ්‍යය හා සනීපාරක්ෂාව
  • •ගෘහස්ථ කළමනාකරණය හා සමාජ යහපැවැත්ම
  • •සංස්කෘතික සහ අධ්‍යාත්මික සංවර්ධනය

* පරිසර සංරක්ෂණය  යන ප්‍රධාන පරමාර්ථ මෙම වැඩසටහන තුළින් ඉටු කිරීමට බලාපොරොත්තු වන අතර, ගැටලු අවබෝධ කරගනිමින් සමාජය තුළ වෙනසක් ඇති කිරීමේ දීර්ඝ කාලීන වැඩ පිළිවෙලක් වශයෙන් මෙය ක්‍රියාත්මක වේ.

ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මැතිතුමා , Clean Sri Lanka වැඩසටහනෙහි  මිනුවන්ගොඩ කොට්ඨාශ සම්බන්ධීකාරක විමුක්ති රංග රාජපක්ෂ මහතා සහ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා  මහත්මිය ඇතුළු ආරාධිතයින්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම වැඩසටහන ප්‍රජාවගේ සහභාගිත්වයෙන් ශ්‍රමදාන වැඩසටහනක්, ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සංස්කෘතික නිලධාරී සංජය ප්‍රියදර්ශන මහතා⁣ විසින් ගී රසවින්දන වැඩසටහනක් මෙන්ම තවත් අගනා සංස්කෘතික අංග කිහිපයකින් සමන්විත විය. 

මේ සඳහා ඵලදායිතා සංවර්ධන නිලධාරින්, ක්ෂේත්‍ර නිලධාරීන් සහ ⁣හොරම්පැල්ල හා අනෙකුත් වසම්වල රාජ්‍ය නිලධාරීන් සහ ගම්වාසීන් රැසක් එක්ව සිටියහ.

       

 

                 

 

Scroll To Top