මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා බහු ආබාධ සහිත පුද්ගලයන්ගේ ස්වශක්ති සංවිධානය එක්ව සංවිධානය කල බක්මහ උළෙල 2026/04/24 දින මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩාංගණයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී. ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන් හා දූ දරුවන් විශාල පිරිසක් ඊට සහභාගී වූහ.
ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණිය සහභාගී විය. තවද මෙම අවස්ථාවට දිස්ත්‍රික් සමාජ සේවා නිලධාරි සී. කස්තුරිආරච්චි මහතා, වෛජයන්ති කලායතනයේ අධ්‍යක්ෂිකා ආශා වෛජයන්ති මාලා මිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු අනෙක් නිලධාරින් ද මේ සඳහා සහභාගී විය.
බෝටියාවත්ත සිත් සහන පදනමේ දරුවන්ගේ රැඟුම් ගැයුම් මැද අලියාට ඇහැ තැබීම, සංගීත තොප්පි තරඟය, අන්ධයාට කිරි කැවීම, විවිධ ඇඳුම් තරඟය, අවුරුදු කුමරා හා කුමරිය තේරීම ඇතුළු තරඟ රැසක් එදින පවත්වන ලදී.
මෙම බක්මහ උලළේ සංවිධාන කටයුතු සමාජ සේවා නිලධාරි ඩී.ජී. චන්ද්‍රසෝම මහතා ඇතුළු සමාජ සේවා අංශය විසින් සිදු කරන ලදී.






















