මාපියන්ට සලකන "සහකම්පනයෙන් යුතු දරුවෙකු සමාජගත කරවීම " මූලික කරගනිමින් රසවින්දනය තුළින් ආකල්ප සංවර්ධනය කිරීමේ වැඩ සටහනක් ගනිමින් කෙහෙල්බද්දර ශ්‍රී බෝධි දෘමාරාරාම පුරාණ විහාරස්ථානයේදී 2025.11.15 දින පවත්වන ලදි. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ . ඩබ්.ටී.යූ රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණය හා මග පෙන්වීම යටතේ සංවිධානය වූ මෙම වැඩ සටහන සඳහා කෙහෙල්බද්දර / නැගෙනහිර සහජීවන සංගමයේ සාමාජිකයින් හා කෙහෙල්බද්දර බටහිර ප්‍රජාව ද සහභාගීවිය.
ග්‍රාම නිලධාරි කොට්ඨාශ දෙකෙහි වැඩිහිටි හා තරුණ ප්‍රජාව මුල් කර ගනිමින් පැවැත්වූ මෙම වැඩසටහන සඳහා කෙහෙල්බද්දර බෝධිදෘරාරාම විහාරාධිපති ස්වාමීන් වහන්සේ, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති තුමා, උප සභාපතිතුමිය ,ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය නිලධාරීන්, විශේෂ කාර්ය බලකා නිලධාරීන් සහ ගම්පහ පොලිස් ස්ථානයේ නිලධාරීන් සහභාගී වූ අතර , අධිකරණ අමාත්‍යාංශීය ගම්පහ දිස්ත්‍රික් රසවින්දන කණ්ඩායම විසින් මෙම වැඩසටහන දියත් කරන ලදි .
මෙම වැඩ සටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා උපදෙස් අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි බී .ඒ. චමිලා හේමන්ති මහත්මිය විසින් සංවිධානය කරන ලදී.
2025 ඔක්තෝබර් මස 10 වෙනි දිනට යෙදෙන ලෝක මානසික සෞඛ්‍ය හා උපදේශන දිනයට සමගාමීව සැමරුම් දින උත්සවයක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත 2025.10.07 වෙන දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය, ගණකාධිකාරි ඒ.ටී. ඉරේෂා මහත්මිය සහ සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) ටී.ඒ.එම්.ද එස් සිරිවර්ධන මහත්මිය ද මෙම අවස්ථාවට ද සහභාගී විය.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනූජ ප්‍රනාන්දු මහතාද මෙහිදි ප්‍රධාන දේශණය සිදු කළ අතර, මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ උපදේශන කටයුතු සිදුකරන ගුරුමහත්මීන් සහ පාසල් දරුවන් ද සමාජ සේවා අංශය නියෝජනය කරමින් බෝටියාවත්ත සිත්සහන පදනමේ දූ දරුවන් ද මෙම වැඩසටහනට සහභාගී විය.
ආරාධිත අමුත්තන් රැසක් මේ සදහා සහභාගි වූ අතර, මෙම උත්සවය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ උපදේශන නිලධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සංවිධානය කරන ලදි.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.
ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.
- අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
- යටගම ප්‍රාථමික විද්‍යාලය
- හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
- දොරණගොඩ මහා විද්‍යාලය
- ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
- වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
- බුරුල්ලපිටිය මහා විද්‍යාලය
- මාරපොල මහා විද්‍යාලය
- වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
- කොටුගොඩ රාහුල මහා විද්‍යාලය
මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පාසැල් ඉඩම් 10 ක් සඳහා පැවරුම් සහතික ලබාදීම ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ පූර්ණ අධීක්ෂණයෙන් හා ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය තුලදි ඉතා සාර්ථකව සිදු කෙරුණි.
ඒ අනුව පහත සඳහන් පාසැල් සඳහා ඉඩම් පැවරුම් සහතික ප්‍රදානය කරන ලදී.
- අස්ගිරිය මිශ්‍ර කණිෂ්ඨ විද්‍යාලය
- යටගම ප්‍රාථමික විද්‍යාලය
- හොරම්පැල්ල සීලවිමල මහා විද්‍යාලය
- දොරණගොඩ මහා විද්‍යාලය
- ආරංගාව ශ්‍රී ධර්මාරාම ප්‍රාථමික විද්‍යාලය
- වටිනාපහ බෞද්ධ කණ්ෂ්ඨ විද්‍යාලය
- බුරුල්ලපිටිය මහා විද්‍යාලය
- මාරපොල මහා විද්‍යාලය
- වෑගොව්ව කණිෂ්ඨ විද්‍යාලය
- කොටුගොඩ රාහුල මහා විද්‍යාලය
මෙම වැඩ සටහන ඉඩම් අංශයේ සංවර්ධන නිලධාරි බී.ඒ. ඩෙසිකා ලක්මිණි මහත්මිය විසින් සංවිධානය කළ අතර, විෂය භාර නිලධාරි ඒ.කේ.එල්. වාසනා මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් පාසලක් වන බුරුල්ලපිටිය ජාතික පාසලේ දරුවන් සඳහා සංහිඳියාව හා ආකල්ප සංවර්ධනය වැඩිදියුණු කරවීමේ අරමුණින් සමාජ සහයෝගීතා සහ ආකල්ප සංවර්ධන වැඩසටහනක් 2025.07.01 දින පැවැත්වූ අතර එහිදී 10 ශ්‍රේණියේ දරුවන් 180 දෙනකු පමණ වැඩසටහනට සහභාගි විය.
වැඩසටහන සදහා සම්පත් දායකත්වය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මනෝ
උපදේශන නිලධාරි නදීශානි ජයවීර මහත්මිය ලබාදුන් අතර, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යු.ඩබ්.ටී.යූ. රාජකරුණා මහත්මියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම මත පවත්වන ලද මෙම වැඩසටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානය සහ මෙහෙයවීම මත සිදු කරන ලදි.


Page 1 of 2














