මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත සංවිධානය කරන ලද මඤ්ඤොක්කා දන්සල මැයි මස 12 වන වෙසක් පොහෝ දින සවස 4.00 ට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය පරිශ්‍රයේදී පූජ්‍ය කළුඅග්ගල සරණසිරි ස්වාමීන් වහන්සේගේ විසින් ආගමික වතාවත් සිදු කිරීමෙන් අනතුරුව ආරම්භ කරන ලදී. මෙම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා කාර්යාල නිලධාරින් ද දායක්තවය ලබාදුනි.







මිනුවන්ගොඩ විහාරාධිපති සංගමය මඟින් සංවිධානය කරන ලද පිණ්ඩපාත චාරිකාවෙහි ස්වාමීන් වහන්සේලා උදෙසා දහවල දානය ලබාදීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී සිදු කරන ලදී. මේ සඳහා කාර්යාල නිලධාරින්ගේ දායකත්වය ලබාදෙන ලදී.




2025.04.07 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ එකමුතුවෙන් ව්‍යවසායකයින් සවිබල ගන්වමින් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිනියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භූමියේ ව්‍යවසායකයින් 40 දෙදෙනෙකුගේ සහභාගීත්වයෙන් අලෙවි ප්‍රදර්ශනයක් පැවැත්වුණි.
මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය, පරිපාලන නිලධාරි තුමිය හා ග්‍රාම නිලධාරි තුමිය සහභාගී විය.




මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම මත නව යොවුන් වියේ දරුවන් සඳහා මෙම වැඩ සටහන සංවිධානය කරන ලදි .
නව යොවුන් වියේ දරුවන්ගේ ඇබ්බැහි වීමේ චර්‍යාවන් වලක්වාගැනීම සහ නව ආකල්ප ගොඩ නඟා ගනිමින් ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීම සම්බන්ධව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 දෙනෙකු සහභාගි කර ගනිමින් පවත්වන ලදී .
මෙම වැඩසටහන විද්‍යාලයේ උපදේශන විෂය භාර ගුරු මහත්මිය වන හර්ෂි මහත්මිය විසින් සංවිධානය කරන ලද අතර, මේ සඳහා සම්පත් දායකත්වය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය උපදේශන නිළධාරිනි නදීෂානි ජයවීර මහත්මිය සහ උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මිය විසින් ලබා දෙන ලදි .




මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිණියගේ මූලිකත්වයෙන් ගම්පහ දිස්ත්‍රික් රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය ආරියවංශ හේරත් මහතා ගේ සම්පත් දායකත්වය යටතේ මිනුවන්ගොඩ කලාපයේ උපදේශන විෂය භාරව කටයුතු කරන ගුරු මහත්ම, මහත්මීන් පුහුණු කිරීමේ වැඩසටහනක් 2025.04.04 වෙනි දින කලාප අධ්‍යාපන කාර්යාලයේදී පැවැත්විනි .
මෙම වැඩසටහන සංවිධානය කරගැනීමේ දී මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුජ ප්‍රනාන්දු මහතා, වෛද්‍ය දයාන් සමරසේකර මහතා සහ ගුරු උපදේශක සිසිර මහතා ද සහයෝගය ලබා දෙන ලදි.
උපදේශන අංශ භාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ති විජේකෝන් මහ්මිය සහභාගි විය.
විධිමත් පාසල් උපදේශන සේවාවක ක්‍රියාකාරිත්වය සහ සම්බන්ධීකරණ කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ උපදෙස් පරිදි උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි .
මෙම වැඩසටහන සදහා ගම්පහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි වෛද්‍ය ඉන්දිකා මහ්මිය ද සහභාගි වී දැනුවත් කිරීමේ දේශනයක් පවත්වන ලදි.



















