මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි නව යොවුන් වියේ දරුවන් සදහා ඉගෙනුම් කාර්ය සාධනය සාර්ථක කරගැනීම සහ මානසික යහපැවැත්ම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනු / මාරපොල ජාතික පාසලේ දී 2025.02 .07 වෙනි දින එම විද්‍යාලයේදී පවත්වන ලදි.

මෙම වැඩ සටහන උපදේශන නිළධාරී ජේ.කේ.නිමාලි ප්‍රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සන්විධානය කරන ලදී .

විද්‍යාලයේ ගරු විදුහල්පති තුමන්ගේ ප්‍රධානත්වයෙන් නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ සහ අංශ භාර ගුරුමහත්මීන්ගේ සහභාගිත්වයෙන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් 200 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

පෙ.ව.8.00.සිට පෙ.ව. 11.30 දක්වා මෙම වැඩසටහන පැවැත්විණි.

 



 

 

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2025.01.31 දින පෙ.ව.9.00 ට ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවැත්විණි.

මේ සඳහා

  • · මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා,
  • · ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු අමාත්‍යවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ නියෝජිතයින්
  • · මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ගම්පහ දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමාගේ කාර්ය මණ්ඩලය,
  • · පළාත් ආයතන ප්‍රධානීන්,
  • · මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය,
  • · දිස්ත්‍රික් කාර්යාලයේ ක්‍රම සම්පාදන අංශයේ නිලධාරින්,
  • · රාජ්‍ය ආයතන හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්,
  • · පොලිස් දෙපාර්තෙම්න්තුවේ නිලධාරින්,

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් මෙයට සහභාගී විය

මිනුවන්ගොඩ ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටු රැස්වීම 2025.01.28 දින ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතාද සහභාගී විය.

“පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන තේමාව යටතේ ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩ පිළිවෙල අනුව ලොව දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික වටපිටාවක් සහ ජීවන තත්වයක් උරුම කර දීමේ අරමුණින් Clean Sri lanka වැඩ සටහනට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවගේ,

  • ගෘහ ඒකකවල ඵලදායිතාව හා ජීවන තත්වය ඉහළ නැංවීම.
  • ආකල්ප සංවර්ධනය තුලින් යහපත් සමාජ වටපිටාවක් ගොඩ නැංවීම.
  • සමාජීය, පාරිසරික සහ සදාචාරාත්මක පුනර්ජීවනය තුලින් සමාජය උසස් තලයකට ගෙන ඒම සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්තුමිය විසින් Clean Sri lanka වැඩ සටහන පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුවත් කරනු ලැබීය.

නිවැරදි ක්‍රමවේදයකට ගම් මට්ටමින් නිවැරදි කෘෂිකාර්මික දත්ත ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත්, වසර ගණනාවක සිට තම්මිට, ඉදල්ලවල, කෙටවල ව්‍යාපාරයන්හි කුඹුරු ගං වතුරෙන් යටවන බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගැනීමේ අවශ්‍යතාවය හා පුරන් කුඹුරු වගා කිරීමට අපේකෂා කරන බවත් මෙහිදි සාකච්ජාවට භාජනය විය.

ප්‍රාදේශීය කෘෂිකර්ම කමිටුවට පැමිණ සිටි මිනුවන්ගොඩ, උඩුගම්පොළ, මාබොදල ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරින්, කෘෂිකර්ම උපදේශකරුවන්, පොල් සංවර්ධන නිලධාරින්, අපනයන කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරි, තාක්ෂණ නිලධාරි(දිස්ත්‍රික් වරිමාර්ග ඉංජිනේරු කාර්යාලය) හා අනෙකුත් රාජ්‍ය නිලධාරින් විසින් තම ආයතනික ප්‍රගතිය ඉදිරිපත් කරනු ලැබීය.

තාක්ෂණය කෘෂිකර්මාන්තයේ ප්‍රයෝජනයට යොදා ගන්නා ආකාරය, IOT තාක්ෂණය තුලින් ස්වයංක්‍රීය ජල සැපයුම් පද්ධති ක්‍රියාත්මක කිරීම, බෝග අධීක්ෂණය, කාලගුණික තත්වයටන්ට අනුව බෝග වලට විශේෂ කටයුතු ක්‍රියාත්මක කිරිම, කීට පාලනය, පසේ ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම හා හරිතාගාර කළමණාකරනය පිළිබඳව දැනුවත් කිරිමේ වැඩ සටහන් ද පවත්වනු ලැබීය.

 

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තා බල මණ්ඩල නිලවරණය 2025.01.29 දින ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහභාගී විය.

තවද සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය, සහකාර සැලසුම් අධ්‍යක්ෂකතුමියන් දෙපළ, පරිපාලන නිලධාරි තුමිය හා පරිපාලන ග්‍රාම නිලධාරි තුමිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරි ඇතුළු ආරාධිත අමුත්තන් රැසක් මේ සඳහා සහභාගී විය.

කාන්තා සමිති 22 ක් නියෝජනය කරමින් නිලධාරින් 66 ක් සහභාගී වූ අතර, නැටුම් , ගැයුම් හා රංගනයන්ගෙන් සමන්විත උත්කර්ෂවත් අවස්ථාවක් විය.

මෙම වැඩ සටහන සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා සංවර්ධන නිලධාරි සුදර්ශනී උඩුකුඹුර මහත්මිය විසින් සිදු කරන ලදී.

WhatsApp-Image-2025-02-03-at-12.25.11.jpg

WhatsApp-Image-2025-01-31-at-12.20.17.jpg

ආකල්ප වෙනසක් තුලින් ගෘහ ඒකක සවිබල ගැන්වීම සඳහා වන SMART HOME - සපිරි නිවහන ව්‍යාපෘතිය පිළිබඳව හා පොහොසත් රටක් - ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව Clean Sri lanka වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා  මහත්මියගේ සහ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජි.ආර්.වයි ඒ. දිසානායක මහත්මියගේ මූලිකත්වයෙන්   2025.01.27 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී  පවත්වන ලදී.‍

මෙම අවස්ථාවට ක්ෂේත්‍ර නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් රැසක් සහභාගී විය.

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top