මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය Green Team – Minuwangoda මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සහයෝගය ඇතිව 2025.02.28 වන දින මාබොදල වැව අවට පිරිසිදු කිරීමේ වැඩසටහනක් දියත් කරන ලදී. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන සාර්ථකව පැවැත්විණි. මේ සඳහා මිනුවන්ගොඩ Green Team – Minuwangoda නිලධාරීන්,ග්‍රාම නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙන්ම ප්‍ර දේශවාසීන් රැසක් ඉතා කාර්යත්ෂමව සහභාගී විය. මෙය මිනුවන්ගොඩ කොට්ඨාශයේ පැවැත්වූ පළමු Clean Sri Lanka වැඩසටහන ද විය.
මෙහිදී මාබොදල වැව අවට ඇති අපද්‍රව්‍ය (ප්ලාස්ටික් /පොලිතීන්/වීදුරු) ඉවතත් කිරීම, වැව අවට තණකොළ කපා ඉවත් කිරීම, JCB යන්ත්‍රයක් ආධාරයෙන් වැව අවට ඇති වැටකෙයියා පඳුරු ඉවත් කිරීම, වැව තුළ ඇති අපදුව්‍ය ඉවත් කිරීම, වැව අවට ඇති ක්‍රියා විරහිත වීදි පහන් අළුත්වැඩියා කිරීම වැනි දෑ සිදුකරනු ලැබීය.























