දරුවා යනු කුඩා වැඩිහිටියෙක් නොවේ යන්න අවබෝධයෙන්, කලා චිකිත්සනයන් තුලින් ඔවුන්ගේ මානසිකත්වය සුවපත් කිරීම අපේක්ෂා කෙරුණි. මෙම මහගු කාර්යෙහිලා මග පෙන්වීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය වන තනූජා රාජකරුණා මැතිනියගෙන් සිදුවූ අතර වැඩසටහන සංවිධානය කරමින් සම්පත් දායකත්වය සපයන ලද්දේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේ උපදේශන නිලධාරි එම් නදීශානි ජයවීර මහත්මිය විසිනි.
ප්‍රදේශයේ සංවර්ධන නිලධාරිණිය වන තනූජා කුමාරි මහත්මියගේ සහයෝගය සේම කොට්ඨාසයේ ව්‍යාපාරිකයන් වන තුශාර ලොකුබාලසූරිය මහතා ත් සොනාලි බුක්ශොප් අධිපති තුමන්ගේ සහයෝගයෙන් දරුවන් සදහා රස කැවිලි ත්‍යාගයන් ලබා දීමෙන් දරුවන් සතුටු කිරීමට හැකි විය.





















