Find the services we provide...

Please check the relevant category, according to requirement. If you unable to find the information you searched, Please contact us.

Contact Us

News & Events

12
Sep2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
Sep2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
Sep2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
Sep2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් බද්ධ දූරියන් පැළ බෙදාදීමේ හා පුහුණු වැඩසටහනක් 2024.08.08 දින උඩුගම්පල කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී සිදු කෙරුණි.
 
 
උඩුගම්පල ආර් .ජේ. කේ. එල් රණතුංග මහතාගේ ඉඩමේ බද්ධ දූරියන් පැළයක් රෝපණය කළ අතර සංකේතාත්මකව පැළ බෙදා දීම සිදුකරනු ලැබීය.ඉදිරියේදී නිර්දේශිත ප්‍රභේද වන අඹතැන්න, හොරණ ගෝල්ඩ්, කසුන් , හොරණ ජම්බු වර්ගයේ අධිශ්‍රේණියේ බද්ධ දූරයන් පැළ දාහක් සහ සෙවණ දැල්  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ගොවි මහත්ම මහත්මීන්ට ලබා දීමට කටයුතු සැලසුම් කර ඇත. ආහාර සුරක්ෂිතතාවය හා තාක්ෂණ වැඩසටහන යටතේ දූරියන් වගාව ආර්ථික භෝගයක් ලෙස ප්‍රචලිත කිරීමේදී වැදගත්කම පිළිබඳව ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දිස්ත්‍රික්  කෘෂිකර්ම අධ්‍යක්ෂ සන්ධ්‍යා කුමාරි මහත්මිය විසින් අදහස් ප්‍රකාශ කරන ලදී.
 
 
 දූරියන් වගාව සඳහා එයට උචිත දේශගුණික අවශ්‍යතා හා පස , බිම් සැකසීම , පරතරය , සිටුවන ස්ථානය , වල සැකසීම , පැල සිටවීම , පැළ  නඩත්තු කිරීම , පැළ දැඩි කිරීම, සෙවන සැපයීම, පොහොර යොදන ආකාරය , වගාවට ජල සම්පාදනය , වල් පැළෑටි පාලනය , රෝග හා පලිබෝධ හානි පිළිබඳව පැමිණ සිටි ගොවි මහත්ම මහත්මීන් දැනුවත් කිරීම සිදුකරනු ලැබීය.
මේ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ හොරණ පලතුරු පර්යේෂණ ආයතනයේ දූරියන් වගා පිළිබඳ පර්යේෂණ නිලධාරී ලහිරු මාකලන්ද මහතා, බස්නාහිර පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගම්පහ - කැලණිය භාර සහකාර  අධ්‍යක්ෂ ශාන්ති රණසිංහ මහත්මිය සහ උඩුගම්පල කෘෂිකර්ම උපදේශක නුවන් එදිරිසූරියආරච්චි මහතා විසිනි.පැලයක් නිවැරදිව ක්ෂේත්‍රයේ ප්‍රායෝගිකව රෝපණය කරන ආකාරය පිළිබඳව ගොවීන් දැනුවත් කරනු ලැබීය. මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කෘෂිකර්ම අංශය විසිනි.
 
 
මෙම වැඩසටහන සඳහා කෘෂිකර්ම උපදේශක නිලධාරීන්, ගොවිජන සංවර්ධන ප්‍රාදේශීය නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන් හා ගොවි මහත්ම මහත්මීන් ඇතුළු හැටක පමණ පිරිසක් සහභාගී විය.
 
 
 
 
          

 
 
 
Scroll To Top