මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි IEEE Computer Society Sri Lanka Chapter ආයතනයේ ස්වේච්ඡා සම්පත් දායකත්වය මත කාර්යක්ෂම කාර්යාල පරිපාලනය සඳහා AI මෙවලම් භාවිතා කිරීම හා සයිබර් ආරක්ෂාව පිළිබඳ පුහුණු වැඩ සටහනක් 2026.06.08 දින ප්‍රජා සවිබල ගැන්වීමේ නිලධාරින් සඳහා ද 2026. 06.10 දින ග්‍රාම නිලධාරින් හා ක්ෂේත්‍ර නිලධාරින් සඳහා ද සාර්ථකව පැවැත්විණි.
මෙහිදී සම්පත් දායකයින් ලෙස මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු හා IEEE Computer Society Sri Lanka Chapter හි Vice Chair ලෙස කටයුතු කරන ආචාර්ය තිලින තන්ත්‍රිවත්ත මහතා ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියක හා IEEE Computer Society Sri Lanka Chapter හි Coordinator – women in Computing ලෙස කටයුතු කරන ශශිකා ලොකුලියන මහත්මිය ද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ කථිකාචාර්යවරියක ලෙස කටයුතු කල වර්තමානයේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහකාර ලේකම් (පරිපාලන) හා IEEE Computer Society Sri Lanka Chapter හි Assistant Secretary ලෙස කටයුතු කරන පිපුණි විජේසිරි මහත්මිය ද මොරටුව විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි අපේක්ෂකයෙකු වන රුක්ෂාන් ජේ. සේනානායක මහතා ද සම්බන්ධ විය.
රාජ්‍ය අංශයේ නිලධාරීන්ගේ ඩිජිටල් හැකියාවන් වර්ධනය කිරීම, නව තාක්ෂණයන් ඵලදායීව භාවිතා කිරීම හා තොරතුරු ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම මෙම වැඩසටහනෙහි මූලික අරමුණු ලෙස දැක්විය හැකිය.






















