මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්තිකරණ දරුවන් සඳහා පාසැල් බෑග්, පාසල් පොත් කට්ටල ලබාදීම හා වැන්දඹු කාන්තාවන් සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදා දිමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ මෙහෙයවීම මත සිදු කරන ලදි.

ප්‍රදේශයේ පාසල් ළමුන් සිය දෙනෙකු සඳහා එදින පාසල් බෑග් සහ පාසැල් පොත් කට්ටල ලබා දුන් අතර, එම වැඩසටහන සඳහා මිනුවන්ගොඩ කොට්ඨාශයේ ගල්ලොලුව, බටපොත ,අස්ගිරිය යන වසම් වල ග්‍රාම නිලධාරින් සහ සංවර්ධන නිලධාරීන්ද එම වසම් වල සහජීවන සංගම් වල නිලධාරී මහත්ම මහත්මීන් සහ කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගි වුනි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 නව වසරේ ආරම්භය ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන්  සියළුම ආගමික ආශිර්වාදයන් මධ්‍ය යේ පැවැත්විය. ඒ සඳහා සියළුම මාණ්ඩලික නිල‍්ධාරීන්, කාර් යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර් ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය. Clean Sri Lanka තේමාව යටතේ නව රාජ්‍ය සේවයක් ලබා දීමට සියළුම නිලධාරීන් විසින් ප්‍රතිඥා ලබා දෙන ලදී.

WhatsApp-Image-2025-01-01-at-16.13.31.jpg

ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මැතිතුමාගේ සංකල්පයක් මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මෙහයෙවීමෙන් හා සම්බන්ධීකරණයෙන් ළමා පොකුර ළමා සංවර්ධන වැඩ‍ සටහන දෙවන අදියර දරුවන් 35 දෙනෙක් සහ ඔවුන්ගේ භාරකරුවන් 35 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් 2024.11.19 දින ප.ව. 2.30 ට මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.             

    

cacedc9f-f93f-4347-b60f-ad0d132bbda2.jpg

 

               

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් මිණුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශය සංවිධානය කරන ලද මිනුවන්ගොඩ  සාහිත්‍ය කලා මහෝත්සවය මිනුවන්ගොඩ  ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2024 - 11 - 20  දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය  ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
 
ප්‍රධාන දේශකයා ලෙස ප්‍රවීණ ගේය පද රචක වසන්ත කුමාර කොබවක මහතා මුඛ්‍ය දේශනය පැවැත්වූ අතර මේ සඳහා කලායතන පහක සහභාගීත්වයක් දක්නට ලැබිණි.ගීතය හා ඊට මුල් වූ අත්දැකීම් ගැන දේශකයා සභාව රසවත් කරමින් ගීත ගායනා ඉදිරිපත් කළ අතර ත්‍යාග 49ක් ත්‍යාගලාභීන් 36 දෙනෙකු අතර බෙදා දෙනු ලැබිණි.විවෘත අංශයේ  කෙටි කතා, ළමා කතන්දර, ගීත රචනා, පද්‍ය රචනා, ජනශ්‍රැති අධ්‍යයන සඳහා ත්‍යාග හා  සහතිකපත් ජයග්‍රාහකයන් විසින් ලබා ගන්නා ලදී. උත්සවය සඳහා මිනුවන්ගොඩ  සංස්කෘතික බල මණ්ඩලයේ නිලධාරින් හා සාමාජිකයින්ද අවට පාසල්වල විදුහල්පතිවරුන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් මෙන්ම පාසල් දුවා දරුවන්ද සහභාගී වූ අතර කාර්යාලයේ නිලධාරීන්ද වැඩසටහන සඳහා සහභාගී විය.
 
 
 
404d0530-9f5c-49f6-8a60-6eebc958c8bc.jpg
මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා ව්යවසායකයන් නගා සිටුවීම සදහා ව්යවසායකත්ව පුහුණු පාඨමාලා පැවැත්වීම යටතේ කේක් නිර්මාණ පුහුණු පාඨමාලා දෙකක් සහ බතික් නිර්මාණ පුහුණු පාඨමාලාවක් සංවිධානය කළ අතර එම පාඨමාලා ප්රාදේශීය ලේකම්තුමියගේ අනුමැතිය යටතේ සැලසුම් අංශයේ හා වනිතා සංවර්ධන නිලධාරී ගේ සම්බන්ධීකරණයෙන් මෙන්ම කේක් පුහුණු උපදේශිකා රසිකා මහත්මිය හා බතික් නිර්මාණ පුහුණු උපදේශිකා නිල්මිණි මහත්මිය ගේ සම්පත් දායකත්වයෙන් මිනුවන්ගොඩ කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩලය පෙරටු කොටගෙන වසම් මට්ටමින් කාන්තා සමිති සදහා ප්රමුඛත්වය ලබා දෙමින් කෙහෙල්බද්දර ,යටියන ,බොරගොඩවත්ත යන වසම් වල මෙම පාඨමාලා ක්රියාත්මක විය.
එම පාඨමාලා සදහා සහභාගි වූ සිසුවියන්ගේ දක්ෂතා එළිදැක්වීම අරමුණු කර ගනිමින් සහ ඔවුන්ට සහතික පත්ර ප්රදානය කිරීම ප්රාදේශීය ලේකම්තුමියගේ ප්රධානත්වයෙන් 2024.10.30 දින ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්රවණාගාරයේ දී පැවැත්විය.
 

News & Events

12
செப்2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
செப்2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

குடியுரிமை சாசனம்

Scroll To Top