2025.07.16 දින කලවාන සේනානායක කණිෂ්ඨ විද්‍යලයේ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීමේ දිනය නිමිති කොට ගෙන රුක් රෝපණ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ගරු තනුජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් හා ජාතික ඒකාබද්ධතා නිලධාරී චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානයෙන් ඉතා සාර්ථක ලෙස පැවැත්විය.

ප්‍රාදේශීය ලේකම්තුමියගේ පූර්ණ අධීක්ෂණයෙන් යුතුව සහ සහකාර ප්‍රාදේශීය ලේකම්තුමියගේ මඟ පෙන්වීම යටතේ පවත්වන්නට යෙදුනු මෙම වැඩසටහන සඳහා ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සහජීවන සංගම් සමාජිකයින්, සහ කාර්යාලිය Green Team කණ්ඩායම සහභාගී වූ අතර පරිසරික සුරක්ෂිතතාවය තුළින් සංහිඳියාව හා ආකල්ප වැඩිදියුණු කරවීමේ අරමුණින් ක්‍රියාත්මක වූ මෙම වැඩසටහන සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයෙන් ප්‍රතිපාදන ලැබුන අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම කටයුත්ත සංවිධානය කරන ලදි.

                                          

                 

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top