"තැනුමට තිරසර හෙටක් - සවිමත් ඇය වේ මගක් " තේමාව යටතේ 2025.03.08 දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කාන්තා බල මණ්ඩලය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ ජාතික සැමරුම් උත්සවය 2025.03.07 සිකුරාදා දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ පැවැත්විය.
මෙම අවස්ථාවට ප්‍රාදේශීය ලේකම්තුමිය,සහකාර ප්‍රාදේශීය ලේකම්තුමිය හා කාන්තා හා ළමා අංශයේ නිලධාරීන් සහභාගි විය .
උපදේශන නිලධාරී නිමාලි පෙරේරා මහත්මිය විසින් විශේෂ දේශනයක් පැවැත් වූ අතර මෙදින සහභාගි වූවන් සදහා නොමිලේ රූපලාවණ්‍ය වැඩමුළුවක් හා රූපලාවණ්‍ය සත්කාර කර ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලදී.
විශේෂ ආරාධනයෙන් පැමිණි වෛද්‍ය ප්‍රියදර්ශන බෙන්තොටආරච්චි මහතාගේ දේශනයෙන් අනතුරුව රූපලාවණ්‍ය නිෂ්පාදන මිලදී ගැනීමට අවස්ථාවක් ලබා දෙමින් වැඩසටහන අවසන් විය .


















