අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යලයේ ප්‍රතිපාදන මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුජාතා දහම් පාසලේ දූ දරුවන් සඳහා අගෝස්තු 11 වන ඉරු දින “සංහිඳියාවේ සුසංහිත ගී මාත්‍රා” රසවින්දන වැඩසටහන සුජාතා දහම් පාසල් පරිශ්‍රයේදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ රාජකරුණා මහත්මිය සහ දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරී ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.

     නූතන සමාජයේ තාක්ෂණයට කොටුවී සිටින දූ දරුවන්ගේ රසවින්දනය උදෙසා ගීතය සෞන්දර්යාත්මකව ලබාදීම සහ රසවින්දනයට හුරු කරවීම තුලින් සංවේදී සාමානාත්මතාව අගයන සහ සහජීවනයෙන් සුසැඳි අනාගත පරපුරක් බිහි කරවීම මෙම වැඩසටහනේ අරමුණයි.

   ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විවිධ ඉලක්කගත කණ්ඩායම් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරවීමට නියමිත අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූයේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහනයි.

   සියලු වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරකවරුන් වීම මෙහි ඇති විශේෂත්වයයි.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක බී.ඒ.චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top