1. ලෙඩ රෝග සදහා ජනාධිපති අරමුදල ලබා ගැනීමේ ඉල්ලුම් පත්‍රය
    2. [PDF - 342 KB]
    3. අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සදහා නොමිලේ අක්ෂිකාච ලබා දීමේ ඉල්ලුම්පත්‍රය
      [PDF - 305 KB]
    4. අවු. 70 ඉක්මවූ අඩු ආදායම්ලාභී වැඩිහිටියන් සදහා ජීවනාධාර ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
      [PDF - 293 KB]
    5. ආබාධ සහිත තැනැත්තන් සදහා නිවාස ආධාර සැපයීම
      [PDF - 688 KB]
    6. ආබාධ සහිත තැනැත්තන් සදහා ස්වයං රැකියා ආධාර ඉල්ලීම
      [PDF - 264 KB]
    7. ආබාධ සහිත පුද්ගලයන් සදහා ජීවනාධාර ලබා දීම
    8. [PDF - 342 KB]
    9. ක්ෂයරෝගාධාර ඉල්ලීම පිළිබඳ ප්‍රාරම්භ වාර්තාව
      [PDF - 3 MB]
    10. ගැභිණි මාතාවන් සදහා රු.20000ක දීමනාවක් ලබා දීමේ අයදුම්පත
      [PDF - 373 KB]
    11. තනිමාපිය ස්වයංරැකියා ආධාර ලබා දීමේ අයදුම්පත
      [PDF - 2 MB]
    12. රජයේ මහළු නිවාසයට ඇතුලත් වීමේ ඉල්ලුම්පත
      [PDF - 784 KB]
    13. වැඩිහිටි හැදුනුම්පත් ලබා ගැනීමේ ඉල්ලුම්පත්‍රය
      [PDF - 725 KB]
    14. විශ්‍රාමිකයන්ගේ නිදහස් දුම්රිය බලපත්‍ර අයදුම්පත
      [PDF - 161 KB]
    15. සමාජ සේවා ආධාර විශේෂිත අවස්ථා අබල අවස්ථා
      [PDF - 1 MB]

කළාප අධ්‍යාපන කාර්යාලය - මිනුවන්ගොඩ

එස්.කේ.මල්ලවාරච්චි

කළාප අධ්‍යාපන අධ්‍යක්ෂ

දු.අංකය :011295077

ඊ.මෙල්   :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Picture

පෙන්වන්න කලාප කාර්යාලය - මිනුවන්ගොඩ 

නගර සභාව - මිනුවන්ගොඩ

පෙන්වන්න

ප්‍රාදේශීය සභාව - උඩුගම්පොල - මිනුවන්ගොඩ

+94332222984 (සභාපති)

+94332222335 (ලේකම්)

+94112296747 (උප කාර්යාලය - මාබෝදල)

+94112295375 (උප කාර්යාලය - මිනුවන්ගොඩ)

+94332232750 (උප කාර්යාලය - උඩුගම්පොළ)

බල ප්‍රදේශ සිතියම පෙන්වන්න

ගොවිජන සේවා දෙපාර්තමේන්තුව- මිනුවන්ගොඩ

පොල් සංවර්ධන නිලධාරී කොට්ඨාශ පිළිබද තොරතුරු

 පො.ස.නි. කොට්ඨාශය  නම  ලිපිනය  දු.අංකය අයත්වන ගොවිජන සේවා බල ප්‍රදේශය
 මිනුවන්ගොඩ  එච්.ඒ. වසන්ත පියසිරි මයා ගොවිජන සේවා මධ්‍යස්ථානය, මිනුවන්ගොඩ  011-2296553  මිනුවන්ගොඩ, උඩුගම්පල

පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය

විධායක ඉංජිනේරු කාර්යාලය - උඩුගම්පොළ

033 5623441 / 033 2222493

 

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත - 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත


නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය


පොදු අධිකාරිය – ස්වදේශ කටයුතු අමාත්‍යංශය හා අනුබද්ධ ආයතන

ඉහත පනත යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RTI -01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කරන්න

නම් කළ නිලධාරී
නම: යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා
තනතුර: ප්‍රාදේශිය ලේකම්
ලිපිනය: ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මිනුවන්ගොඩ
සම්බන්ධ කරගත හැකි දුරකථන අංක: +94 112 299 490
Fax: +94 112 299 490
විද්‍යුත් තැපෑල:This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු නිලධාරී
ඩී.ජේ.ජී.ආර්.වයි.ඒ. දිසානායක මිය
සහකාර ප්‍රාදේශිය ලේකම්
දුරකථන : +94 112 283090
ෆැක්ස් : +94 112 299 490
විද්‍යුත් තැපෑල :This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

විෂය නිලධාරී
එච්.අයි.පී. පෙරේරා මිය
කළමණාකරණ සේවා නිලධාරී
දුරකථන : +94 112 283090
ෆැක්ස් : +94 112 299 490
විද්‍යුත් තැපෑල : This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

තොරතුරු දැනගැනීමේ පනත - අයදුම්පත්‍ර

ආයතන අංශය

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන්නේ කෙසේද?

  • මිනුවන්ගොඩ වේයන්ගොඩ පාරේ මීටර් 300 ක් පමණ පැමිණ නාලන්දා (පිරිමි) ජාතික පාසලට ඉදිරිපස දකුණු පැත්තේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වේ.

ග්‍රාම නිලධාරි වසම් අංක පිළිබඳ විමසීම

  • මෙම කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී වසම් 121 සඳහා ග්‍රාම නිලධාරී අංක   

ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේදී අයිතිකරු පැමිණිය යුතුද?

  • මේ සදහා අදාල ව්‍යාපාරයේ හිමිකරු පැමිණීම අනිවාර්ය වන අතර ජාතික හැදුනුම්පතද රැගෙන ආ යුතුය.

මරණයට පත් තැනැත්තෙකුගේ බැංකු ගත මුදල් හා උකස් තබන ලද භාණ්ඩ සම්බන්ධ කටයුතු කිරීමේදී රැගෙන ආයුතු ලේඛන මොනවාද?

  • මියගිය තැනැත්තාගේ මරණ සහතිකය
  • අයදුම්කරුට ඇති නෑකමට අදාල ලේඛන (උප්පැන්න සහතික, විවාහ සහතික)
  • වෙනත් සාමාජිකයන් සිටී නම් අයදුම්කරුට මුදල් හෝ භාණ්ඩ ලබා දීමට ඔවුන්ගේ විරෝධතාවයක් නොමැති බව දිවුරුම් ප්‍රකාශන
  • ජාතික හැදුනුම්පත.

විදුලි බිල්පත් නම් මාරු කිරීමේදී ගෙන ආයුතු ලේඛන මොනවාද?

  • විදුලිය ලබා ගැනීමට අදාල ස්ථානයේ අයිතිය සනාථ කරන ඔප්පු
  • නිවාස සංවර්ධන අධිකාරියෙන් හෝ නගර සභාවෙන් ඉදිරිපත් කරන ලද අයිතිය තහවුරු කරන ලිපිය
  • ජාතික හැදුනුම්පත

සමාජ සේවා අංශය

ගර්භණී මව්වරුන්ට ලබා දෙන රු. 20,000/= පෝෂණ දීමනාව ලබා ගන්නේ කෙසේද?

  • ගැබ් ගෙන මාස 3ක් ඉක්මවීමට පෙර ඔබ සහභාගී වූ මාතෘ සායනය අයත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරී හෝ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන නිලධාරියාගෙන් අයදුම්පතක් ලබා ගත හැකිය.

අධ්‍යාපන ආධාර ලබා ගත හැකි අය කවුරුන්ද?

  • දරුවන්ගේ පියා මියගොස් ඇති හෝ සුව කළ නොහැකි ආබාධයකින් පෙළේ නම් පාසැල් යන දරුවන්ට ශිෂ්‍යාධාර ලබා ගත හැකිය.

රාජ්‍ය නොවන සංවිධානයක් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • ආරම්භ කර වසරක් ඉක්ම වූ රාජ්‍ය නොවන සංවිධාන ලියකියවිලි ලබා දීමෙන් පසුව ලියාපදිංචි කරනු ලබයි.

සමෘද්ධි ප්‍රතිලාභය අලුතින් ලබා ගත හැකිද?

  • දැනට නව ප්‍රතිලාභීන් තෝරා නොගන්නා අතර ඉදිරියේදී සලකා බැලීම සදහා අභියාචනා භාර ගනු ලැබේ.

වැඩිහිටි ආධාර ලබා ගැනීමට අවශ්‍ය සුදුසුකම් මොනවාද?

  • ඉල්ලුම් කරන දිනට වයස අවුරුදු 70ට වැඩි
  • පවුලේ ආදායම මාසයකට රු. 3000ක් හෝ ඊට අඩු නම්

ස්වාමිපුරුෂයා හෝ බිරිඳ යන අයගෙන් එක් අයකුට මේ සඳහා ඉල්ලුම් කළ හැකිය.

අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් අංශය

උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ පිටපත් ලබා ගන්නේ කෙසේද?

  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය දන්නේ නම් රුපියල් 100ක්ද,
  • උප්පැන්න හෝ විවාහ හෝ මරණ සහතිකයේ අංකය හා දිනය නොදන්නේ නම් රුපියල් 200ක්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගෙවා සහතික පත් ලබා ගත හැකිය.
  • මෙහිදී ගම්පහ දිස්ත්‍රික්කයේ සිදු වූ උපතක් හෝ විවාහයක් හෝ මරණයක් නම් පමණක් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අදාල සහතිකපත් ලබා ගත හැකිය.

උපත් ලියාපදිංචි කරන්නේ කෙසේද?

  • සාමාන්‍ය උපතක් ලියාපදිංචි කිරීම සඳහා උපත සිදු වී මාස තුනකට කලින් අදාළ කොට්ධාශයේ උප්පැන්න ලියාපදිංචි කිරිමේ රෙජිස්ට්‍රාර්වරයකු මුණ ගැසී උපත ලියාපදිංචි කර ගත යුතුය.
  • මාස තුනක් පසුවූ උප්පැන්න ලියාපදිංචි කිරීම සඳහා අතිරේක දිස්තික් රෙජිස්ට්‍රාර් මුණ ගැසී අදාළ තොරතුරු ලබා ගන්න.

උප්පැන්න සහතිකයේ සංශෝධන කටයුතු සිදු කරන්නේ කෙසේද?

  • අදාළ ලියකියවිලි රැගෙන අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් මුණගැසෙන්න.

විශ්‍රාම වැටුප් අංශය

සිවිල් විශ්‍රාමිකයා මිය ගිය පසු වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සාදා ගන්නේ කෙසේද?

  • පළමුව විශ්‍රාමිකයාගේ මරණ සහතිකය ලබා ගෙන විශ්‍රාම වැටුප නතර කිරීම.
  • වැඩිපුර මුදලක් තිබේ නම් එය ගෙන්වා ගැනීමට බැංකුවට ලිපි දැමීම.
  • පසුව අදාල පුද්ගලයා පහත සඳහන් ලිපි ලේඛන රැගෙන එන ලෙස දැනුම් දීම.
    • විශ්‍රාමිකයාගේ මරණ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
    • විවාහ සහතිකයේ මුල් පිටපත
    • වැන්දඹුවගේ බැංකු පොතේ ඡායා පිටපතක්
    • වැන්දඹුවගේ හැදුනුම්පතේ ඡායා පිටපතක්
    • වැන්දඹු අනත්දරු කාඩ්පතේ ඡායා පිටපතක් හෝ වැන්දඹු අනත්දරු අංකය
    • ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ජායාරූපයක්
    • ඉහත ලියවිලිවල ඡායාපිටපත් සියල්ල ග්‍රාම නිලධාරී විසින් සහතික කල යුතුය.
  • අනතුරුව ඔවුන් අදාල තොරතුරු ලබා දුන් පසු ලිපිගොනුව රැගෙන වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප සෑදීමට අවශ්‍ය කටයුතු කිරීම.

විශ්‍රාමිකයින්ගේ විශ්‍රාම වැටුප නතර කර ඇත්තේ ඇයි?

  • අදාල වර්ෂය සඳහා ජීවිත සහතිකය ලබා නොදීම නිසා විශ්‍රාම වැටුප නතර කිරීම.
  • විශ්‍රාමිකයා පැමිණි පසු ජීවිත සහතිකය ලබා දීම හා ග්‍රාම නිලධාරී මහතා ලවා සහතික කර රැගෙන එන ලෙස පැවසීම.
  • පසුව නැවත ජීවිත සහතිකය භාර දුන් පසු විශ්‍රාම වැටුප යාවත්කාලීන කිරීම.

වැන්දඹුව මියගිය පසු විශ්‍රාම වැටුප උරුමකරුවන්ට ගෙවන්නේ නැත්තේ ඇයි?

  • වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් පනතට අනුව වැන්දඹු අනත්දරු විශ්‍රාම වැටුප් මුදලට හිමිකම් ලැබූ පුද්ගලයෙක් මිය ගිය පසු එකී පුද්ගලයාට හිමි විය යුතු වැටුපක් හෝ හිඟ මුදලක් ඇත්නම් එම මුදල් ඔවුන්ගේ උරුමකරුවන් වෙත ගෙවීම සඳහා නෛතික ප්‍රතිපාදන නොමැති බව පහදා දීම.

අනු-ප්‍රවර්ගයන්

උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් මාර්ගගත ක්‍රමයට ලබාගන්න.

https://online.ebmd.rgd.gov.lk/

f6099204 6067 42d7 a37e 54b53bb04020

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top