සමෘද්ධි සමාජ සංවර්ධන වැඩසටහන - 2025

1. නිවාස වැඩසටහන :-
මෙහිදී ප්‍රතිලාභීන් හදුනා ගැනීම සදහා නිර්නායක කීපයක් ඇත.වැන්දඹු පවුල් වීම හෝ ආබාධිත අයෙකු පවුලේ සිටීම හෝ ආර්ථික වශයෙන් දැඩි දරිද්‍රතාවයෙන් පෙලෙන අවම සාමාජිකයින් 04ක් සිටින පවුලක් විය යුතුය. එමෙන්ම ප්‍රජා සවිබල ගන්වන පවුලක් ද විය යුතුය.


ප්‍රතිපාදන :- සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ ආරක්ෂණ අංශය මගින් එක් ප්‍රතිලාභියකු වෙත රු. 1000000.00 ක් ලබා දෙන අතර වටිනාකම අවම 1500000.00 ක් වත් විය යුතුය.


2025 වසරේ නිවාස ආධාර නිවාසලාභීන් 03 දෙනෙකු වෙත ලැබී ඇත.

අනු අංකය  ග්‍රා.නි. අංකය   ග්‍රාම නිලධාරි වසම      නම  ලිපිනය
 01  126  /වත්තේගෙදර  කේ. අදලා කුමුදුනී මිය  නො. 36, පන්සිලුපුර, මිනුවන්ගොඩ
 02  99  නයිවල උතුර  ඩබ්.පී. චාන්දනී මිය  නො. 84/01,නයිවල, එස්සැල්ල
 03.  141  හෙන්ඩිමහර  එම්.ඒ. චින්තක ශිරන්ත මයා  නො. 57/5, හෙන්ඩිමහර, මිනුවන්ගොඩ

 

2. මැයි 31 ජාත්‍යන්තර දුම්වැටි නිවාරණ දිනයට සමගාමීව කොඩි අලවිය :-
මෙම කොඩි අලවියෙන් උපයාගන්නා මුදල් භාවිතා කරමින්,

  1. පාසල් දරුවන් මද්‍රව්‍යවලින් මුදවා ගැනීම සදහා දැනුවත් කිරීමේ වැඩසටහන් සිදුකිරීම.
  2.  අඩු ආදායම්ලාභී ප්‍රජාව සදහා සුභසාධන වැඩසටහන් සිදුකිරිම.
  3. ආධ්‍යාත්මික සංවර්ධන වැඩසටහන් සිදු කිරීම.
  4. සෞඛ්‍ය සහන හා ජංගම සේවා යනාදී වැඩසටහන් සිදු කරයි.

3. මනෝ සමාජීය සවිබල ගැන්වීම :-
විශේෂයෙන් සවිබල ගැන්විය යුතු පවුල් සදහා මනෝ උපදේශක නිලධාරින් මගින් දැනුවත් කිරීමේ වැඩසටහන් 10 ක් සිදු කර ඇත. 

එක් වැඩසටහනකට පුද්ගලයින් 75 බැගින් ( මේ සදහා ප්‍රතිපාදන භාණ්ඩාගාර ප්‍රතිපාදන) දැනුවත් කිරීම් වලින් හදුනා ගන්නා ගැටළු සහිත පවුල් වලට සෘජුව මැදිහත් වී උපදේශන සේවා ලබා දීම සිදුකරයි.


4. ක්‍රීඩා වැඩසටහන :-
සමෘද්ධි ප්‍රජාමූල සංවිධාන වල සාමාජිකයින්ගේ දරුවන් සදහා මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. එම දරුවන් අතර තරග පවත්වා ජාතික තලයට රැගෙන යාම, ක්‍රීඩා උපකරණ ලබා දීම, ක්‍රීඩා සමාජ වලට ඇතුලත් කර ගැනීම වැනි සේවාවන් සිදු කරයි. මේ සදහා දෙපාර්තමේන්තුවේ ක්‍රීඩා අංශයෙන් ප්‍රතිපාදන ලබා දේ.

2025.12.31 දිනට ප්‍රගති සාරාංශය

Click here to view project details

විමධ්‍යගත ප්‍රාග්ධන අයවැය වැඩසටහන - 2026 (මේ දක්වා අනුමත ව්‍යාපෘති කිසිවක් ලැබී නොමැත.)

Click here to view project details

ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන - 2026 (ව්‍යාපෘති ලැයිස්තුව සංශෝධනය වෙමින් පවතී.)

Click here to view project details

දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන - 2026 (දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන)

Click here to view project details

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top