අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම

  1. සීමිත දැව ප්‍රවාහන බලපත්‍ර (බුරුත,හුලංහික්,ගම්මාලු,වෙලන්,පානක්කා,මිල්ල,පලු,හල්මිල්ල,කුඹුක්,සූරියමාර,කොහොඹ,මී)
  2. ගස් හෙළිම්(පාලන) පනත යටතේ නිකුත් කරන දැව හෙලීමේ බලපත්‍ර (කොස් ගස්/ රට දෙල් ගස් / ගැහැණු තල්)
  3. දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
  4. දැව ප්‍රවාහන බලපත්‍රවල කාලය දිර්ඝ කිරීම
  5. සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම හා බලපත්‍ර අලුත් කිරීම
  6. සතුන් ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
  7. නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලපත්‍ර නිකුත් කිරීම
  8. උකස් මධ්‍යස්ථාන බලපත්‍ර අලුත් කිරීම
  9. ගිනි අවි බලපත්‍ර ලබාදීම සදහා නිර්දේශ නිකුත් කිරීම
  10. ගිනි අවි බලපත්‍ර අලුත් කිරිම සදහා නිර්දේශ නිකුත් කිරීම
  11. වාණිජමය නොවන කාර්යයන් සදහා වැලි,බොරළු,පස් කැණීම් හා ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම
  12. වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම

 සීමිත දැව ප්‍රවාහන බලපත්‍ර 

  1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපත
  3. මිලදි ගැනීමක් නම් ඉඩම් හිමිකරුගෙන් ලබා ගත් මිලදී ගැනීමේ කුවිතාන්සිය
  4. නොබෙදු ඉඩමක් නම් අනෙකුත් අයිතිකරුවන් විසින් ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දැව හෙලීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශිත ලිපි
  5. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දැව ලැයිස්තුව (පිටපත් 3 ක්)

දැව ප්‍රවාහන බලපත්‍ර ඉල්ලීම

දැව හෙලීමේ බලපත්‍ර

  1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපත
  3. නොබෙදු ඉඩමක් නම් අනෙකුත් අයිතිකරුවන් විසින් ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දැව හෙලීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශිත ලිපි
  4. අවස්ථානුකූලව අනුමත කළ ගොඩනැගිලි සැලැස්ම(ඉදිකිරිමක් සදහා හෙලීමට අවශ්‍ය නම්)
  5. ඉඩමේ අයිතිකරු ලංකාවේ නොසිටී නම් ඇටෝර්නි බලපත්‍රය
  6. ඉඩම සම්බන්ධ අධිකරණ තීන්දු අදාළ වන්නේ නම් ඒවා හා ගස හෙළීම සම්බන්ධව උසාවි නියෝග
  7. සංවර්ධන කාර්යයන් සදහා ගස් ඉවත් කරන්නේ නම් ලිඛිත සාක්ෂි

දැව / දැව භාණ්ඩ ප්‍රවාහන බලපත්‍ර නිකුත් කිරීම

  1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද ඉඩම් ඔප්පුවේ පිටපත
  3. මිලදි ගැනීමක් නම් ඉඩම් හිමිකරුගෙන් ලබා ගත් මිලදී ගැනීමේ කුවිතාන්සිය
  4. නොබෙදු ඉඩමක් නම් අනෙකුත් අයිතිකරුවන් විසින් ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දැව හෙලීම සම්බන්ධයෙන් කැමැත්ත ප්‍රකාශිත ලිපි
  5. කොස්/රට දෙල්/ගැහැණු තල් ගසක් නම් හෙලීම් බලපත්‍රෙය් මුල් පිටපත
  6. ග්‍රාම නිලධාරි විසින් සහතික කරන ලද දැව ලැයිස්තුව

දැව ප්‍රවාහන බලපත්‍රවල කාලය දීර්ඝ කිරිම


  1. පොලිස් පැමිණිල්ලේ මුල්පිටපත
  2. බලපත්‍රයේ  මුල් පිටපත
  3. ප්‍රවාහනය නොකරන ලද අවස්ථාවකදී ග්‍රාම නිලධාරී වාර්තාව

 


සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම හා බලපත්‍ර අලුත් කිරීම

  • සුරාබදු කොමසාරිස් විසින් නිකුත්  කරන ලද අනුමත ලිපිය (සුරා සැල් ගැසට් නිවේදනය අනුව ගාස්තු)

සුරාසැල් බලපත්‍ර අළුත්කිරීම

    1. සුරාබදු කොමසාරිස් විසින් නිකුත් කරන ලද අනුමත ලිපිය
    2. සහකාර සුරාබදු කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරන ලද නිශ්කාශන සහතිකය
    3. දේශීය ආදායම් කොමසාරිස් සහ පළාත් ආදායම් කොමසාරිස් විසින් බදු ගෙවූ බවට නිකුත් කරන නිශ්කාශන සහතික හා එහි ජායා පිටපත
    4. පසුගිය වර්ෂයේ බලපත්‍රය
(සුරාබදු ගැසට් නිවේදනයට අනුව ගාස්තු වෙනස් වේ).

සත්වයන් ප්‍රවාහනය සඳහා බලපත්‍ර

  1. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ග්‍රාම නිලධාරි නිර්දේශය
  3. සතුන්ගේ සෞඛ්‍ය තත්ව සහතිකය
  4. සතුන් ප්‍රවාහනයට භාවිතා කරන වාහන නිර්දේශ කිරිමේ සහතිකය
  5. නව වවුචර් පත් (ගවයින් ගණනට)
  6. මුදල් ගෙවු රිසිට්පත්

නව උකස් මධ්‍යස්ථාන ආරම්භ කිරිමට බලපත්‍ර නිකුත් කිරිම

දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ලියවිලි

 

උකස් මද්‍යස්ථාන සඳහා බලපත්‍ර අලුත් කිරීම

  1. දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ අනුමැතිය සහිත ලිපිය
  2. පසුගිය වර්ෂයේ නිකුත් කරන ලද බලපත්‍රය හා ඡායා පිටපත්

බලපත්‍ර ගාස්තු -රු.5000/-

ප්‍රමාද ගාස්තු -රු.1500/-(මාස  1 ක් සදහා)

නව ගිනි අවි බලපත්‍ර ලබා ගැනීම

  1. ග්‍රාම නිලධාරි නිර්දේශය සහිතව සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 

 

ගිනි අවි බලපත්‍ර වාර්ෂිකව අලුත් කිරිම

 

  1. පසුගිය වර්ෂයේ ලබා ගත් බලපත්‍රය හා ඡායා පිටපත
  2. ජාතික හැදුනුම්පතෙහි ඡායා පිටපත

 

වාණිජමය නොවන කාර්යයන් සදහා පස් කැනිම සදහා ඉදිරිපත් කල යුතු ලේඛණ

  1. නිවැරදිව සම්පුර්ණ කරන ලද අයදුම්පත ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර තිබිය යුතුය.
  2. කැණිම් කරන ඉඩමේ ඔප්පුව (ග්‍රාම නිලධාරි විසින් සත්‍ය පිටපත් බවට තහවුරු කළ)
  3. ඉඩමේ පිඹුර(අනිවාර්ය නැත)
  4. පස් කැණිමට හේතුව සදහන් ඉල්ලීම් ලිපිය ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර තිබිය යුතුය
  5. පස් ප්‍රවාහනය කරන ලද ඉඩමේ හිමිකරුගේ ඉල්ලීම් ලිපිය(ග්‍රාම නිලධාරි විසින් නිර්දේශ කර තිබිය යුතුය)
  6. පස් ප්‍රවාහනය කරන ලද ඉඩමේ ඔප්පුව(ග්‍රා.නි.සත්‍ය පිටපත් කළ යුතුය.)
  7. ඉල්ලීම් කරන්නේ නිවසක අත්තිවාරමක් සකස් කිරිමට නම් නිවසේ සැලැස්මේ පිටපතක් (ග්‍රා.නි.සත්‍ය පිටපත් කල යුතුය)
  8. ඉඩමේ පිඹුර(අනිවාර්ය නැත.)


වාහන ආදායම් බලපත්‍ර ලබා ගැනීම

  1. වාහන ලියාපදිංචි සහතිකය / ලීසිං හෝ ෆිනෑන්ස් සහිත වාහන සඳහා එම ආයතනයෙන් නිකුත් කළ සහතික කළ ලියාපදිංචි සහතිකයේ පිටපත
  2. රක්ෂණ සහතිකය
  3. දුම් පරීක්ෂණ වාර්තාව
  4. කාබන් බදු ගෙවූ රිසිටිපත
  5. යෝග්‍යතා සහතිකය ( ලොරි සහ බස් රථ සඳහා )
  6. මගී ප්‍රවාහන බස්රථ සඳහා මගී ප්‍රවාහන අධිකාරියේ අවසර පත්‍රය හා එහි ඡායා පිටපත

නැති වූ විනාශ වූ ආදායම් බලපත්‍ර නැවත ලබා ගැනීම

  1. පොලිස් පැමිණිල්ලේ පිටපත
  2. ලියාපදිංචි සහතිකය
  3. රක්ෂණ සහතිකය
  4. අදාළ ඉිදිරි කාලසීමාව සඳහා මුදල

තාවකාලික ආදායම් බලපත්‍රයක් නිකුත් කිරීම

  1. තාවකාලික ආදායම් බලපත්‍ර නිකුත් කරනු ලබන්නේ එන්ජිම අලුත්වැඩියා කිරීම හේතුවෙන් දුම් පරීක්ෂණ සහතිකය ලබාගත නොහැකි වාහන සඳහා පමණි
  2. එන්ජිම අලුත්වැඩියා කළ ගරාජයේ ලිපිය
  3. එන්ජිම අලුත්වැඩියා කිරීම සඳහා අමතර කොටස් මිල දී ගත් බිල් හා රිසිට්

 

 

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top