කාන්තා දිනයට සමගාමීව පළාත් සභා දිස්ත්‍රික් සංවර්ධන වැඩ සටහන යටතේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කාන්තාවන්ගේ ව්‍යවසායකත්වය නඟා සිටුවීමේ අරමුණින් ග්‍රාම නිලධාරි වසම් 16 ක පවත්වන ලද ස්වයං රැකියා පුහුණු පාඨමාලා අවසන් කරන ලද පුහුණුලාභීන් 175 දෙනෙකු සඳහා සහතික පත්‍ර ලබාදීමේ පළමු අදියර 2026.03.10 දින සවස මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී.

මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා සහභාගී විය.

මෙහිදි කේක් පාඨමාලා 2 ක්, රූපලාවන්‍ය පාඨමාලා 04 ක් හා කෙටිකෑම පාඨමාලා 02 ක පුහුණු පාඨමාලාභීන් මෙහිදි සහතික පත් ලබා ගන්නා ලදී.

මෙම වැඩ සටහන සැලසුම් අංශයේ පළාත් සභා සංවර්ධන සහකාර සංජීවනි අබේරත්න මහත්මිය විසින් සංවිධානය කළ අතර, සහකාර අධ්‍යක්ෂ ආශා සිරිවර්ධන මහත්මිය විසින් අධීක්ෂණ කටයුතු සිදු කරන ලදී.

 

         

             

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත ජාත්‍යන්තර කාන්තා දිනය සැමරුම වෙනුවෙන් සංවිධානය කරන ලද 'ආකල්ප සංවර්ධනය සඳහා ගී රසවින්දන' වැඩසටහනක් 2026.03.10 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත් විය. මේ සදහා සම්පත් දායකත්වය  මනෝවිද්‍යා උපදේශන නිලධාරී නිමාලි පෙරේරා මහත්මිය සමඟ ගායන ශිල්පිනි ස්වර්ණා ජයකොඩි මහත්මිය විසින් ලබා දෙන ලදී.

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මැතිතුමා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ අතර මිනුවන්ගොඩ කාන්තා කාර්‍ය සංවිධාන නියෝජනය කරමින් සාමාජිකාවන් 180 ක් සහ කාර්යාලයේ නිලධාරීන් ද ඇතුළුව 200කට අධික පිරිසක් සහභාගි විය.

මෙම වැඩ සටහනේ සංවිධාන කටයුතු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වනිතා අංශය සමඟ මිනුවන්ගොඩ කාන්තා බල මණ්ඩලය විසින් සිදු කරන ලදී.

WhatsApp Image 2026 03 10 at 14.17.24    WhatsApp Image 2026 03 10 at 14.17.36    WhatsApp Image 2026 03 10 at 14.17.33    WhatsApp Image 2026 03 10 at 14.17.40 1    WhatsApp Image 2026 03 10 at 14.17.47 1   WhatsApp Image 2026 03 10 at 14.17.53 1

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ මඟ පෙන්වීම හා උපදෙස් මත මහා පරිමාණ, මධ්‍ය  පරිමාණ හා කුඩා පරිමාණ ව්‍යවසායකයින් සවිබල ගැන්වීමේ වැඩ සටහනක් 2026.02.26 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විය.

මෙම අවස්ථාව සඳහා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක  ජයකොඩි මැතිතුමා  සහභාගී විය.

මෙහිදි ව්‍යවසායකයින් සඳහා ලබාදෙන සහන පොළී ණය පිළිබඳව දැනුවත් කෙරුන අතර, ණය ගැනිමේදී සිදුවන අපහසුතාවයන් සඳහා විසඳුම් ලබාදීම සිදු කරන ලදී. ව්‍යවසායකයින්ට මුහුණපෑමට සිදුවු ගැටළු වලට විසඳුම් ලබා ගැනීමට එම අවස්ථාවේදී හැකිවිය. මෙම අවස්ථාවට විවිධ ආයතන නියෝජනය කරමින් පහත නම් සඳහන් නිලධාරින් සහභාගී විය.

  • ශෂිකාදී සිල්වා මිය :- සුලු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ගොඩ නැගීම සඳහා වූ  ජාතික සභාවේ සාමාජිකා
  • කෝෂිලා ජයසූරිය මිය :- සහකාර සාමාන්‍යාධිකාරි, ලංකා බැංකු මූලස්ථානය
  • ලක්මිණි ගුණවර්ධන මිය : - නියෝජ්‍ය අධ්‍යක්ෂ, සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
  • එරංජන චන්ද්‍රදාස මයා :- කළමණාකරු, ජාතික ණය සුරැකුම් ආයතනය
  • සමන්මලී ගුණවර්ධන මිය :- සහකාර අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සම්බන්ධතා දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහා බැංකුව.

මෙම වැඩ සටහන සංවිධානය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  කුඩා ව්‍යාපාර සංවර්ධන නිලධාරින් දෙපල හා ව්‍යවසාකත්වය සංවර්ධන නිලධාරිනිය විසිනි.

 

WhatsApp Image 2026 03 04 at 10.59.09    WhatsApp Image 2026 03 04 at 10.59.09 1    WhatsApp Image 2026 03 04 at 10.59.10                        

WhatsApp Image 2026 03 04 at 10.59.10 1     WhatsApp Image 2026 03 04 at 11.03.29    WhatsApp Image 2026 03 04 at 11.03.28

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා ප්‍රධානත්වය යටතේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව 2026.03.09 දින පැවැත්වූ ගීරස වින්දනාමත්මක වැඩ සටහනක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී  පැවැත්විණි.

විවිධ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් නිලධාරින් විසින්ම සුගායනය කරන ලද අරුත්බර ගීත රැසක් කාන්තා කුටුම්භය අහුමුළු සොයා අපුර්ව ලෙස විකසිත  විය. 

සොදුරු අත්දැකීම් රැසක් ජීවමාන මාතෘකාවට හසුකරමින් වින්දනීය මොහොතකට කාර්ය මණ්ඩලය සහභාගී විය.

මෙම වැඩ සටහන සංවිධානය හා සම්පත් දායකත්වය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ  මනෝ උපදේශණ නිලධාරි නදිශානි ජයවීර මහත්මිය විසිනි.

තවද බිත්ති පුවත්පතේ පළවු නිර්මාණ අතුරින් හොඳම නිර්මාණ තෝරා ජයග්‍රාහකයින් හට ත්‍යාග ලබාදීමක් ද මෙහිදි සිදු කරන ලදී. මෙම අවස්ථාවට සහකාර ප්‍රාදේශීය ලේකම් තුමිය ඇතුළු මාණ්ඩලික නිලධාරින් ද , කාර්යාලීය හා ක්ෂේත්‍ර නිලධාරින් ද සහභාගී විය.

   649660914 949664460849707 3806729096291468734 n 1           650335632 949664517516368 8876599578511067210 n   649128736 949664630849690 8362287292312128695 n   

649263417 949664467516373 736505826603154108 n   649608345 949664634183023 9003659515253389532 n   649609775 949664554183031 2402332455708160182 n   

 

649287878 949664754183011 4296764890527250854 n   650164682 949664740849679 5286050703008384073 n   650022417 949664660849687 6363582310976042009 n

 

              

ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සමුළුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී 2025.02.19 දින පවත්වන ලදි.

මෙම සමුළුව සඳහා දිස්ත්‍රික් ලේකම්තුමා, අතිරේක දිස්ත්‍රික් ලේකම්තුමන්ලා දෙපල ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ  සියලුම මාණ්ඩලික නිලධාරින්,  ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම්වරු හා සහකාර ප්‍රාදේශීය ලේකම්වරු සහභාගි විය.

මෙහිදි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සියලු අංශවල  ලිපිගොනු, ලේඛන, දත්ත පද්ධති, භෞතික පරිසරය මෙන්ම ක්ෂේත්‍ර නිලධාරින්  සිදුකල සියලු වැඩසටහන්  වල ප්‍රගතිය ද අධීක්ෂණය විය.

තවද දිස්ත්‍රික් ලේකම්තුමා විසින් ග්‍රාම නිලධාරින්, සංවර්ධන නිලධාරින් හා කාර්යාල නිලධාරින් සමඟ වෙන් වෙන්ව සාකච්ජා කිරීමද මෙහිදි සිදුවිය

WhatsApp Image 2026 02 20 at 09.57.51     WhatsApp Image 2026 02 20 at 09.58.08   

WhatsApp Image 2026 02 20 at 09.57.59     WhatsApp Image 2026 02 20 at 09.58.11 1       WhatsApp Im     WhatsApp Image 2026 02 20 at 09.58.39     

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top