මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් ගරු තනූජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා පූර්ණ අධීක්ෂණය මත ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා  ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ උපදේශන නිලධාරි එම්. නදිශානි ජයවීර මහත්මියගේ නිර්මාණයක් මත එළි දැක්වුණු වීදි නාට්‍යය  සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රංගන හැකියාව ඇති නිලධාරින් හා දිස්ත්‍රික්කයේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍යාංශයේ උපදේශණ නිලධාරින් සම්බන්ධ විය.

මෙම විදී නාට්‍යය මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය භූමියේ දී ප්‍රථම රංගනය එළි දැක්වුණු අතර, මිනුවන්ගොඩ රෝහලේ මානසික සෞඛ්‍ය සායනය, බෙහෙත් ශාලාව සහ මිනුවන්ගොඩ බස් නැවතුම්පල හා නගරයේ විදි සංචාරය කෙරුණි.

මෙමඟින් මානසික රෝග, මානසික ගැටළු කාටත් පොදු බවත්, එය හඳුනා ගැනීම, ප්‍රතිකාර ගැනීම හා උපදේශණයට යොමු වීමේ වැදගත්කමත් මනාවට පිළිබිඹු විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරස්ථානයේ සිරි සුමන දහම් පාසලේ දරුවන් සඳහා බහු වාර්ගික බහු ආගමික හා  ජන කණ්ඩායම් අතර සාමය සහජීවනය හා සංහිඳියාව වැඩි දියුණු කරවීමේ අරමුණින් “සහකම්පනයෙන් යුතු දරුවෙකු සමාජ ගත කරවිම” මූලික කරගත් ආකල්ප සංවර්ධන වැඩ සටහනක් 20253.10.19 වන දින පැවැත්විණි.

වැඩ සටහන සඳහා සේව් ද වයිල්ඩ් ශ්‍රී ලංකා මනෝ උපදේශණ ආයතනයේ අධ්‍යක්ෂ, ළමා මනෝ උපදේශක A.B. සෙනෙවිරත්න මහතා සම්පත් දායකත්වය ලබාදුන් අතර, මෙම වැඩ සටහන සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්.ටී.යූ. රාජකරුණා මැතිණිය, අධිකරණ අමාත්‍යාංශයේ ජී.ඩබ්.ජේ.එස්. කුමාර මහතා සහභාගී විය.

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමියගේ පූර්ණ අධීක්ෂණය හා මඟ පෙන්වීම යටතේ පවත්වන ලද මෙම වැඩ සටහන අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන හා උපදෙස් අනුව මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ සංවිධානයෙන් හා මෙහෙයවීමෙන් සිදු කරන ලදී.

 

දරුවා යනු කුඩා වැඩිහිටියෙක් නොවේ යන්න අවබෝධයෙන්, කලා චිකිත්සනයන් තුලින් ඔවුන්ගේ මානසිකත්වය සුවපත් කිරීම අපේක්ෂා කෙරුණි. මෙම මහගු කාර්‍යෙහිලා මග පෙන්වීම මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය වන තනූජා රාජකරුණා මැතිනියගෙන් සිදුවූ අතර වැඩසටහන සංවිධානය කරමින් සම්පත් දායකත්වය සපයන ලද්දේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්‍ය්ලයේ උපදේශන නිලධාරි එම් නදීශානි ජයවීර මහත්මිය විසිනි.

ප්‍රදේශයේ සංවර්ධන නිලධාරිණිය වන තනූජා කුමාරි මහත්මියගේ සහයෝගය සේම කොට්ඨාසයේ ව්‍යාපාරිකයන් වන තුශාර ලොකුබාලසූරිය මහතා ත්  සොනාලි බුක්ශොප් අධිපති තුමන්ගේ සහයෝගයෙන් දරුවන් සදහා රස කැවිලි ත්‍යාගයන් ලබා දීමෙන් දරුවන් සතුටු කිරීමට හැකි විය.

පරිසර දින තේමාව වන “ප්ලාස්ටික් මඟින් සිදුවන දූෂණය අවම කරමු” යටතේ පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් මිනුවත්ගොඩ ප්‍රාදේශීය ලේකම් ගරු තනුජා රාජකරුණා මැතිණියගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ 2025.10.10 දින පෙ.ව. 10.00 ට මිනුවන්ගොඩ වීදියවත්ත ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ දී  6 – 11 ශ්‍රේණි වල දරු දැරියන් 150 ක් පමණ සඳහා පවත්වන්නට යෙදුණි.

මෙහිදී මාදෙල්ගමුව මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.ඒ.සී.කේ. මුතුගල මහතා විසින් දේශනය සිදු කරන ලදී. මේ සඳහා මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තුමිය ගරු තනුජා රාජකරුණා මැතිණිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජී.ආර්.වයි.ඒ. දිසානායක මිය, පරිපාලන ග්‍රාම නිලධාරී දීපිකා අබේසේකර මිය, වීදියවත්ත ග්‍රාම නිලධාරීතුමා ඇතුළු තවත් ග්‍රාම නිලධාරී මහත්ම මහත්මීන්, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය Green Team කමිටුවේ නිලධාරීන් රැසක් සහභාගී විය.

මෙහිදී Clean Sri Lanka රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාතිමක කිරීම, ප්ලාස්ටික් භාවිතය අවම කිරීම, ප්ලාස්ටික් දූෂණය හා එහි බලපෑම යනාදී වැදගත් කරුණු රැසක් පිළිබඳව වීඩියෝ පට හා රූප මාධ්‍ය භාවිතා කරමින් දරුවන් දැනුවත් කරන ලදී.දේශනය අවසානයේ ප්ලාස්ටික් මඟින් සිදුවන දූෂණය අවම කිරීම පිළිබඳ දරුවන්ගේ ප්‍රායෝගික ගැටළු සඳහා විසඳුම් ලබා දීමේ සාකච්ඡාවක් ද පැවැත්විය.

 

"තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ නාගරික සංවර්ධන, ඉදිකිරීම් හා නිවාස අමාත්‍යංශය මගින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා නිවාස ලබාදීමේ වැඩසටහනට අනූව ගම්පහ දිස්ත්‍රික්කයේ මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පවුල් 23 ක් සඳහා ලක්ෂ 10 බැගින් නිවාස ආධාර ලබාදීමට සැලසුම් කර ඇත.

එම ආධාර මත ඉදිකෙරුණු නිවාස 02 ක් නිවාස හිමියන්ට ලබාදීම ලෝක ජනාවාස දිනට සමගාමීව 2025 ඔක්තෝබර් මස 05දා සිදු කෙරුණි .

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රි රුවන්තිලක ජයකොඩි මහතා, මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මහත්මිය, සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී. ජේ. ජී. ආර්.වයි.ඒ. දිසානායක මහත්මිය මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති අසංක සංජීව මහතා ඇතුළු ප්‍රාදේශීය මහජන නියෝජිතයින්, රාජ්‍ය නිළධාරීන් හා ප්‍රදේශවාසීන් එක්ව සිටියහ.

 

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

Scroll To Top