මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කොට්ඨාශයේ ආන්තිකරණ දරුවන් සඳහා පාසැල් බෑග්, පාසල් පොත් කට්ටල ලබාදීම හා වැන්දඹු කාන්තාවන් සඳහා ස්වයං රැකියා උපකරණ කට්ටල බෙදා දිමේ වැඩසටහනක් මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ පූර්ණ අධීක්ෂණය හා මඟපෙන්වීම යටතේ මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි .
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා නිලධාරි චමිලා හේමන්ති මහත්මියගේ මෙහෙයවීම මත සිදු කරන ලදි.
ප්‍රදේශයේ පාසල් ළමුන් සිය දෙනෙකු සඳහා එදින පාසල් බෑග් සහ පාසැල් පොත් කට්ටල ලබා දුන් අතර, එම වැඩසටහන සඳහා මිනුවන්ගොඩ කොට්ඨාශයේ ගල්ලොලුව, බටපොත ,අස්ගිරිය යන වසම් වල ග්‍රාම නිලධාරින් සහ සංවර්ධන නිලධාරීන්ද එම වසම් වල සහජීවන සංගම් වල නිලධාරී මහත්ම මහත්මීන් සහ කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරී මහත්ම මහත්මීන්ද සහභාගි වුනි.





මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ 2025 නව වසරේ ආරම්භය ගරු ප්‍රාදේශීය ලේකම් තුමිය තනූජා රාජකරුණා මැතිණියගේ ප්‍රධානත්වයෙන් සියළුම ආගමික ආශිර්වාදයන් මධ්‍ය යේ පැවැත්විය. ඒ සඳහා සියළුම මාණ්ඩලික නිල‍්ධාරීන්, කාර් යාල නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්, ආර් ථික සංවර්ධන නිලධාරීන් සහභාගි විය. Clean Sri Lanka තේමාව යටතේ නව රාජ්‍ය සේවයක් ලබා දීමට සියළුම නිලධාරීන් විසින් ප්‍රතිඥා ලබා දෙන ලදී.





ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ මැතිතුමාගේ සංකල්පයක් මත මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් තනුජා රාජකරුණා මැතිනියගේ මෙහයෙවීමෙන් හා සම්බන්ධීකරණයෙන් ළමා පොකුර ළමා සංවර්ධන වැඩ සටහන දෙවන අදියර දරුවන් 35 දෙනෙක් සහ ඔවුන්ගේ භාරකරුවන් 35 දෙනෙක්ගේ සහභාගීත්වයෙන් 2024.11.19 දින ප.ව. 2.30 ට මිනුවන්ගොඩ ප්රාදේශීය ලේකම් කාර්යාලීය ප්‍රධාන ශාලාවේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.



























