මානසික සෞඛ්‍ය හා උපදේශණ දින සැමරුම් උත්සවය 2024.10.11 වෙනි දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ගරු ප්‍රාදේශීය ලේකම් තුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“වැඩබිමේදී මානසික සෞඛ්‍ය සුරක්ෂිතාවය පිළිබඳව ප්‍රමුඛතාවය දී සලකමු” යන තේමාව මුල්කර ගනිමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි අනුජ ප්‍රනාන්දු මහතාගේ සහභාගීත්වය හා සහකාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි දයාන් සමරසේකර මහතාගේ දැනුවත් කිරිමේ දේශණයක් ද පැවැත්විය.
උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මහත්මිය ඇතුළු සංවර්ධන නිලධාරින්ගේ සහභාගීත්යෙන් මානසික සැහැල්ලුකරණය වෙනුවෙන් සංවර්ධන වැඩ සටහන මෙහෙයවන ලදී.
උපදේශන වෘත්තිකයන්, කාර්යාලයේ මාණ්ඩලික නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය, ආර්ථික සංවර්ධන නිලධාරින් මෙම උත්සවය සඳහා සහභාගී විය.
ප්‍රාදේශීය ලේකම්තුමියගේ උපදෙස් පරිදි උපදේශන නිලධාරි ජේ.කේ. නිමාලි ප්‍රියංගනී පෙරේරා මිය විසින් වැඩ සටහන සංවිධානය කරන ලදී.





අධිකරණ බන්ධනාගාර කටයුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සඳහා වන කාර්යලයේ ප්‍රතිපාදන මත මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුජාතා දහම් පාසලේ දූ දරුවන් සඳහා අගෝස්තු 11 වන ඉරු දින “සංහිඳියාවේ සුසංහිත ගී මාත්‍රා” රසවින්දන වැඩසටහන සුජාතා දහම් පාසල් පරිශ්‍රයේදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් යූ.ඩබ්ලිව්.ටී.යූ රාජකරුණා මහත්මිය සහ දිස්ත්‍රික් ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරී ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සියළුම ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සාර්ථක ලෙස පවත්වන ලදී.
නූතන සමාජයේ තාක්ෂණයට කොටුවී සිටින දූ දරුවන්ගේ රසවින්දනය උදෙසා ගීතය සෞන්දර්යාත්මකව ලබාදීම සහ රසවින්දනයට හුරු කරවීම තුලින් සංවේදී සාමානාත්මතාව අගයන සහ සහජීවනයෙන් සුසැඳි අනාගත පරපුරක් බිහි කරවීම මෙම වැඩසටහනේ අරමුණයි.
ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල විවිධ ඉලක්කගත කණ්ඩායම් සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරවීමට නියමිත අතර මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැත්වූයේ වැඩසටහන් මාලාවේ තෙවන වැඩසටහනයි.
සියලු වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත ජාතික ඒකාබද්ධතා සම්බන්ධිකාරකවරුන් වීම මෙහි ඇති විශේෂත්වයයි.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජාතික ඒකාබද්ධතා සම්බන්ධීකාරක බී.ඒ.චමිලා හේමන්ති මහත්මිය විසින් මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරන ලදී.

සාහිත්‍ය නිර්මාණ පරිවර්තන තරගාවලිය සදහා අයදුම් කිරිම - 2023




















