78 වන නිදහස් දිනයට සමගාමීව 2026 02 04 දින මිනුවන්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව, නගර සභාව පොලීසිය හා අනෙකුත් සියළුම රාජ්‍ය ආයතන එක්ව සංවිධානය කල නිදහස් දින උත්සව සැමරුම මිනුවන්ගොඩ පරාක්‍රම ක්‍රීඩා පිටියේදී එය ඉතා උත්කර්ෂවත් අන්දමින් අද දින පැවැත්විය. මේ සඳහා සර්වාගමික පූජකවරුන් සහභාගී වු අතර, මිනුවන්ගොඩ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මිනුවන්ගොඩ සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති රුවන්තිලක ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මිය ඇතුලු සියලු රාජ්‍ය ආයතනවල රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයින් සහ ප්‍රදේශවාසීන් ගේ සහභාගිත්වයෙන් ඉතා ගාමිහීරව සහ අභිමානවත් අන්දමින් පවත්වන ලදී. මෙම උත්සවය නාලන්දා පිරිමි මධ්‍ය විද්‍යාලයේ තූර්ය වාදක කණ්ඩායමේ සංදර්ශණයකින් හා ප්‍රදේශයේ කලායතන වලින් ඉදිරිපත් වූ සංස්කෘතික අංග වලින් අලංකාරවත් විය.
ඊට සමගාමීව ප්‍රාදේශීය ලේකම් තුමියගේ හා මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මැඩෑමුල්ල දකුණ ග්‍රාම නිලධාරි වසමේ මිනුවන්ගොඩ ප්‍රජා පොලිස් ඒකකය සහ පරිසර ඒකකය මගින් සංවිධානය කරන ලද රුක් රෝපණ වැඩසටහනක් ද පවත්වන ලදී.
එසේම සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් දිට්වා සුළි කුණාටුව නිසා ඇතිවු ගංවතුර හේතුවෙන් විපතට පත් ජනතාව වාසය කරන මිනුවන්ගොඩ සමෘද්ධිගම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින උත්සවයක් පැවැත්වූ අතර, එහිදි රුක්රෝපණ වැඩ සටහනක් , ශ්‍රමදාන වැඩ සටහනක් මෙන්ම නිදහස් දිනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සමෘද්ධිගම ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධානය කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team නිලධාරින් , වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රජාව ද සම්බන්ධ විය.
එසේම සහකාර ප්‍රාදේශීය ලේකම් අයෝධ්‍යා දිසානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් මිනුවන්ගොඩ සමෘද්ධිගම ග්‍රාමය කේන්ද්‍ර කර ගනිමින් නිදහස් දින උත්සවයක් පැවැත්වූ අතර, එහිදි රුක්රෝපණ වැඩ සටහනක් , ශ්‍රමදාන වැඩ සටහනක් මෙන්ම නිදහස් දිනය පිළිබඳ දැනුවත් කිරිමේ වැඩ සටහනක් පවත්වන ලදී. මෙම වැඩ සටහන සමෘද්ධිගම ග්‍රාම සංවර්ධන සමිතිය සංවිධානය කළ අතර, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ Green Team නිලධාරින් , වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා ප්‍රජාව ද සම්බන්ධ විය.






















