2025.02.07 දිනමිනුවන්ගොඩ කොට්ඨාසයේ , නාලපහ ග්රාම නිළධාරී වසමේ Happy Kids පෙරපාසලේ දරුවන් ගේ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම පෙර පාසලේදී පවත්වන ලදී .
වසමෙහි සංවර්ධන නිළධාරී අනෝමා මහත්මිය ගේ සන්විධානය සහ ග්රාම නිලධාරී තුමියගේ ප්රධානත්වයෙන් මෙම වැඩසටහන පවත්වන ලදි.
මුල් ළමාවිය සංවර්ධනය සහ සෙනෙහස පිරුණු පවුල් ඒකකයක් පිළිබඳව මෙම වැඩසටහනේදී දැනුවත් කරන ලදී .පෙර පාසලේ පාලිකාතුමියගේ උනන්දුව හා ලබාදුන් සහයෝගය ඉතා වැදගත් ය.
මෙම වැඩසටහන උපදේශන නිළධාරී ජේ. කේ. නිමාලි ප්රියන්ගනී පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි.
























