මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලද රැකියා පොළක් 2025.03.14 දින මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පවත්වන ලදි.
මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් තනූජා රාජකරුණා මහත්මියගේ මඟ පෙන්වීම හා උපදෙස් පරිදි පවත්වන ලද මෙම රැකියා පොළ වැඩ සටහන සඳහා සහකාර ප්‍රාදේශීය ලේකම් ඩී.ජේ.ජී.ආර්.වයි. ඒ . දිසානායක මහත්මිය, දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන නිලධාරි රූපීකා කන්නන්ගර මිය, ගම්පහ විදේශ රැකියා දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිලධාරි බී.ඒ.ඩී.සී. නිරෝෂන් මහතා, මානව සම්පත් සංවර්ධන නිලධාරි රෝහණ ජයලත් මහතාද මේ සඳහා සහභාගී විය.
මෙම අවස්ථාවට පුද්ගලික අංශය නියෝජනය කරමින් ආයතන 10 ක් සහ පුහුණු ආයතන 03 ක් ද රැකියා අපේකෂිත තරුණ තරුණියන් 250 ට වැඩි පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ විය. මෙම වැඩ සටහන සම්බන්ධීකරණය හා සංවිධාන කටයුතු මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය මානව සම්පත් නිලධාරින් වන ලලනි කුඩාහෙට්ටි හා එරන්දි මල්ලවආරච්චි යන මහත්මීන් විසින් සිදු කරන ලදි.
























