අප සපයන සේවාවන්...

ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.

අප අමතන්න

News & Events

12
සැප්2026
සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

සෙනෙහසේ ගී ගැබිනි මව්වරුන් උදෙසා රස වින්දනාත්මක හෝරාව

ගම්පහ දිස්ත්‍රික් සංස්කෘතික අනු කමිටුවේ මඟ පෙන්වීම...

12
සැප්2026
“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

“සුවපහසු නිවසක් - සවිබලැති පවුලක්”

මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සවිබල ගන්වන පවුල්...

12
සැප්2026
ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය  රසවින්දන වැඩ සටහන

ගම්මැද්දේ ගී රස මීවිත මනෝ චිකිත්සාමය රසවින්දන වැඩ සටහන

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු...

12
සැප්2026
පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

පහන්තිර නිෂ්පාදනයට අදාළ උපකරණ ලබාදීම

ප්‍රජා ශක්ති දිළිදු බව තුරන් කිරිමේ ජාතික...

ආයතන අංශය

දැක්ම තෘප්තිමත් කාර්ය මණ්ඩලයක් තුළින් සංවිධාන ව්‍යුහය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. බලපත්‍ර ලබාදීම
  2. ග්‍රාම නිලධාරී සහතික අනු අත්සන් කිරීම හා සහතික කිරිම
  3. බලපත්‍ර අලුත් කිරීම
  4. ආදායම් එකතු කිරීම

සමාජ සේවා අංශය

දැක්ම

අඩු ආදායම්ලාභී පවුල්වල අබාධිත හා වැඩිහිටි අසරන ජනතාවගේ ජීවන තත්වය ඉහල නැංවීම හා සුභසාධනය.

ප්‍රධාන කාර්යයන්


සමාජ සේවා නිලධාරි (මධ්‍යම රජය)

  1. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ජීවනාධාර ලබාදීම.
  2. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වෛද්‍යාධාර ලබාදීම.
  3. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වයං රැකියා ආධාර ලබාදීම.
  4. ආබාධ සහිත පුද්ගලයන් සඳහා ස්වශක්ති සංවිධාන පිහිටුවීම හා පවත්වාගෙන යාම.
  5. ප්‍රජා මූලික පුනරුත්ථාපන වැඩ සටහන (CBR) ක්‍රියාත්මක කිරීම.
  6. ආබාධ සහිත පුද්ගලයන් සඳහා උපකරණාධාර ලබාදීම.
  7. ආබාධ සහිත පුද්ගලයන් සඳහා නිවාස ආධාර ලබාදීම.
  8. ආබාධ සහිත පුද්ගලයන් සඳහා වැසිකිළි ආධාර ලබාදීම.
  9. දෘෂ්‍යාබාධිත පුනරුත්ථාපන අරමුදල් කටයුතු
  10. ආබාධ සහිත පුද්ගලයන්ගේ පවුල් සඳහා අධ්‍යාපන ආධාර ලබාදීම.
  11. ආබාධ සහිත පුද්ගලයන් රැකියා සඳහා යොමු කිරිම.
  12. ආබාධ සහිත පුද්ගලයන් වෘත්තීය පුහුණුවට යොමු කිරීම‍.
  13. කථානාබාධිත පුද්ගලයන් සඳහා හැඳුනුම්පත් සැකසීම
  14. වකුගඩු ආධාර ලාබදීම.
  15. මත්ලෝලීන් පුනරුත්ථාපනය සඳහා පුද්ගලයන් යොමු කිරීම.
  16. මත් නිවාරණ වැඩසටහන් පැවැත්වීම.
  17. ආබාධිත පුද්ගලයන් රෝහල්ගත වීම් හා ඒ සම්බන්ධ අවශ්‍ය කටයුතු කිරීම.
  18. ප්‍රාදේශීය ස්වශක්ති සංවිධාන මෙහෙයුම් කමිටු රැස් කිරිම.
  19. පුහුණු හා දැනුවත් කිරීමේ  වැඩ සටහන්  පැවැත්වීම.
  20. හදිසි පරීක්ෂණ සඳහා ක්ෂේත්‍ර චාරිකා යාම.
  21. ස්වේච්ජා සමිති ලියාපදිංචි කිරීම.
  22. ප්‍රාදේශීය ලේකම් පවරණ ලද රාජකාරි ඉටු කිරිම.

සැලසුම් අංශය

දැක්ම ප්‍රදේශයේ තිරසාර සංවර්ධනය ශක්තිමත් කිරීම
ප්‍රධාන කාර්යයන්
  1. සංවර්ධන අවශ්‍යතාවයන් හඳුනාගැනීම
  2. ව්‍යාපෘති ඇගයීම
  3. Updating PMCS
  4. කොට්ඨාශය තුළ සම්පත් නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම

ගිණුම් අංශය

දැක්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ සමස්ථ අරමුණු මුදුන් පමුණුවා ගැනීම සඳහා මනා මුල්‍ය කළමනාකරණ (ගණුදෙනු) ක්‍රමයක් ක්‍රීයාත්මක කිරීම හා පවත්වාගෙන යාම
ප්‍රධාන කාර්යයන්
  1. වර්ෂයේ ප්‍රසම්පාදන සැලසුම් සැකසීම
  2. ගෙවීම් සම්බන්ධ සියලුම කටයුතු
  3. භාණ්ඩ සමීක්ෂණ සිදු කිරිම
  4. විගණන විමසුම් මෙහෙයවීම
  5. මුල්‍ය  ප්‍රකාශන සැකසීම


රෙජිස්ට්‍රාර් අංශය

දැක්ම උපත්, විවාහ හා මරණ ලියාපදිංචි සහතික පිටපත් නිකුත් කිරීම හා එම සහතික ආරක්ෂා කිරීම තුළින් ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරිමට සහාය වීම
ප්‍රධාන කාර්යයන්
  1. උපත්, විවාහ හා මරණ ලියාපදිංචිය
  2. උපත්, විවාහ හා මරණ සහතික නිකුත් කිරීම

විශ්‍රාම වැටුප් අංශය

දැක්ම විශ්‍රාමිකයින්ගේ යහපැවැත්ම නැංවීම හා තහවුරු කිරීම වෙනුවෙන් සක්‍රිය දායතක්වයක් ලබාදීම
ප්‍රධාන කාර්යයන්
  1. මාසික විශ්‍රාම වැටුප් ගෙවීම
  2. වැන්දඹු, අනත්දරු, විශ්‍රාම වැටුප් හා ආබාධිත පුද්ගලයින් අධීක්ෂණය හා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත නිර්දේශ ලබා දීම

 

Scroll To Top